Advertisement

දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන්ට හෝ තමිල් අරුසු කච්චියේ මාවෙයි සේනාධිරාජාට අවශ්‍ය ලෙස ආණ්ඩු කිරීමට හෝ කැබිනට් තීරණ ගැනීමට රජය සූදානම් නැතැයි ඇමැති පලනි තිගාම්බරම් මහතා ඊයේ (16 දා) පැවසීය.

ආණ්ඩුවේ ප‍්‍රධානියා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බැවින් රජයේ ප‍්‍රතිපත්ති සකසන්නා ද අගමැතිවරයා මිස වෙනත් කිසිවකු නොවන බව එම දේශපාලන නායකයින් දැන ගත යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්තිරන් මහතා සහ තමිල් අරුසුකච්චි පක්ෂයේ මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබූ අදහස් පිළිබඳව ‘දිවයින’ට විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඇමැති පලනි තිගාම්බරම් මහතා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

ඔවුන්ට ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළට සහාය ලබා දිය හැකි බව ඇත්ත. නමුත් ඔවුන්ට අවශ්‍ය ලෙස මේ රට කරවනවා යැයි ප‍්‍රචාරය කිරීම ඉතාමත් අනතුරුදායකයි. ආණ්ඩුව කැබිනට් තීරණ ගන්නේ ඔවුන් සමග ඇති කර ගත් ඒකාබද්ධ යාන්ත‍්‍රණයකට කියලා හුඟක් තැන්වලදී කියලා තියනවා. මේක විශාල බොරුවක්. අවශ්‍ය නම් මටත් කියන්න පුළුවන් මේ ආණ්ඩුව කරවන්නේ අපියි කියලා. අපිටත් පාර්ලිමේන්තුවේ 6 දෙනෙක් ඉන්නවා. නමුත් අපි මේ ආණ්ඩුවේ කොටස්කාරයෝ විතරයි. අපිට අවශ්‍ය ජනතාවට සේවය කරන්න. ජාතිවාදය අවුස්සන්න සහජීවනයට අකුල් හෙළන්න අපට අවශ්‍ය නෑ. අපේ ආණ්ඩුවේ ප‍්‍රධානියා රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා. අපි වැඩ කරන්නේ එතුමාගේ ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්න විතරයි.

සුජීව තත්සර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements