Advertisement

අධිකරණයට අවශ්‍යව සිටි සැකකරුවකුට අධිකරණය මගහැර සිටීමට ආධාර අනුබල හා රැුකවරණ දීම ඇතුළු චෝදනා එල්ල වී ඇති ති‍්‍රවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, ලක්සිරි අමරසිංහ යන දෙදෙනාට එරෙහිව පුළුල් ලෙස විමර්ශන ආරම්භ කොට ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16 දා) කොටුව වැඩබලන මහෙස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය. 

එම නඩුවේ දෙවන සැකකාර රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදාපති ධුරයෙන් විශ‍්‍රාම යෑමෙන් අනතුරුව මේ දක්වා නාවික හමුදා මූලස්ථානයේ නිලධාරී නිවස්නයේ 7 වැනි මහලේ පිහිටි අංක 709 දරන කාමරය පෞද්ගලිකව පරිහරණය කරන බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පැවසූ සහකාර පොලිස් අධිකාරීවරයා නාවික හමුදාපතිවරයාගේ අවසරය ඇතිව විනයාරක්‍ෂක අංශයේ අධීක්‍ෂණය යටතේ තම නිලධාරීන් පසුගිය 4 වැනිදා එකී නිල නිවස්නය නිරීක්‍ෂණය කළ බවද අධිකරණයට පෙන්වා දුන්නේය.

එම විමර්ශනවල ප‍්‍රගතිය ලබන අපේ‍්‍රල් 3 වැනිදා වාර්තා කරන ලෙසට එහිදී වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

මේ අතර එම නඩුවේ පැමිණිල්ලේ ප‍්‍රධාන සාක්‍ෂිකරුවකු වන නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් වෙලගෙදර මහතාට නාවික හමුදා මූලස්ථානයේදී මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කොට ඇතැයිද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

ලූතිනන් කමාන්ඩර් වෙලගෙදර මහතා විසින් එම මරණීය තර්ජනය සම්බන්ධයෙන් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොටුව පොලිසිය අපක්‍ෂපාතී අයුරින් විමර්ශන සිදු නොකිරීම කෙරෙහි අවධානය යොමු කළ කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා එම විමර්ශන කොටුව පොලිස් ස්ථානයෙන් ඉවත් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කොට තිබිණි.

එකී විමර්ශනවල ප‍්‍රගතිය ලබන මාර්තු 6 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක, ඡායාරූපය - ජූඞ් ඩෙන්සිල් පතිරාජ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements