Advertisement

සිය ප්‍රේම සම්බන්ධය පියාට හා සහෝදරයන්ට හසුවීමෙන් පසුව ඔවුන්ගේ ඇනුම් බැණුම් ඉවසීමට නොහැකිව තමා මෙම පවුලට කරදරයක්‌ හෙයින් එම කරදරය අවසන් කිරීමට තමන් දිවිනසා ගන්නා බවට ලිපියක්‌ ලියා තැබූ 17 හැවිරිදි පාසල් සිසුවියක්‌ ඊයේ (18 දා) අලුයම තම ගෙවත්තේ පිහිටි ළිඳට පැන දිවිනසාගෙන ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ හල්මිල්ලවැව - ගනේගොඩ පදිංචි බී. එම්. ලංකා සෞභාග්‍යා නමැති 17 හැවිරිදි සිසු දැරියකි. ඇය බිංගිරිය ජාතික පාසලේ ඉගෙනුම ලබන අතර පසුගිය මාසයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ද පෙනී සිට ඇත.

මව වසර කිහිපයක සිට විදේශගතව සිටි හෙයින් ඇය පියා හා සහෝදරයන් දෙදෙනා සමඟ නිවසේ සිට ඇත. මේ අතර ඇගේ දුරකථනයේ තිබූ පෙම් පණිවුඩ කිහිපයක්‌ හේතුවෙන් මෙම ආරවුල හටගෙන ඇත.

කිණියම කෝරළයේ හදිසි මරණ පරීක්‍ෂක එස්‌. ඡේ. එම්. රූපසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මේ පිළිබඳ ස්‌ථානීය පරීක්‍ෂණයක්‌ සිදුකරනු ලැබීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements