Advertisement

වසර හතරකට ආසන්න කාලයක්‌ එක්‌ ප්‍රදේශයකට පමණක්‌ සීමා වී තිබුණු විපක්‍ෂ නායක කාර්යාලය මුළු රටේම ජනතාව සඳහා විවෘත කිරීමට හැකිවූ බවත් රටේ සියලුම බලවේග එකතු කරගෙන වත්මන් ආණ්‌ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බවත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

කොළඹ 07, ශ්‍රීමත් මාකස්‌ ප්‍රනාන්දු මාවතේ විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (18 දා) සිය රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී විපක්‍ෂ නායකවරයා මේ බව පැවසීය.

බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්‌ලාම් ආගමික වතාවත්වලින් අනතුරුව පෙරවරු 9.10 ට යෙදුණු සුබ මොහොතින් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.

විපක්‍ෂ නායක කාර්යාලය මුළු රටේම ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට හැකි වුණා. මෙතෙක්‌ කල් එක ප්‍රදේශයකට පමණක්‌ විපක්‍ෂ නායක කාර්යාලය සීමා වී තිබුණා. නමුත් මින් පසු උතුර නැගෙනහිර, දකුණ, බස්‌නාහිර, කන්දඋඩරට ඇතුළු මුළු ලංකාවේ සෑම පළාතකම තිබෙන ප්‍රශ්න පිළිබඳව ඒ වගේම මේ රජය ගෙනයන වැඩපිළිවෙළට විවේචනාත්මක කරුණු ඉදිරිපත් කිරීමට විපක්‍ෂ නායක කාර්යාලය හරහා මැදිහත් වෙනවා.

මේ රටේ වෙසෙන සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී සියලු ජනතාවගේ විසඳන්න සිදුවී ඇති ප්‍රශ්න පිළිබඳවත් මැදිහත්වීමට අපි සූදානමින් සිටිනවා.

ගතවූ කෙටි කාලය තුළ ක්‍රමානුකූලව ප්‍රජාතන්ත්‍රවාදය නැතිවී යන යුගයක්‌ බවට පත්වෙලා. රටේ ජනතාවට ආර්ථික වශයෙන් විශාල ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුවී තිබෙනවා.

අද දවසේ මේ රටේ කෘෂිකර්මාන්තය විශාල ගැටලුවලට මුහුණදී තිබෙනවා. මේ කෙරෙහි රජයේ අවධානය යොමු වී නැහැ. සේනා දළඹු ව්‍යාප්තිය ඉතා බරපතළ තත්ත්වයට පත්වෙලා. වත්මන් රජය මේ කිසිම ප්‍රශ්නයකට ස්‌ථිර විසඳුමක්‌ ලබාදීමට අපොහොසත් වෙලා.

මෙම අවස්‌ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්‌කාර, සුසිල් ප්‍රේම්ජයන්ත, උදය ගම්මන්පිල, එස්‌. එම්. චන්ද්‍රසේන, කෙහෙළිය රඹුක්‌වැල්ල, සිසිර ජයකොඩි, සී. බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක්‌ එක්‌වූහ.

විපක්‍ෂ නායක කාර්යාලය වෙත පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂ නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් බුලත් හුරුලු දී පිළිගන්නා ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements