Advertisement

ෆොන්සේකා සමඟ සටන් විරාමයකට සූදානමක් නැහැ - නි. ඇමැති පාලිත තෙවරප්පෙරුම

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා සමඟ සටන් විරාමයක් පැවැත්වීමට තමා අදහස් නොකරන බව නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා  ඊයේ කියා සිටියේය.

මෙම වචන ප‍්‍රහාරය සඳහා තමා මෙතෙක් පරිහරණය කළේ සුළු අවි බව ද බර අවි පරිහරණය කිරීමට තවම අදහසක් නැති බව ද කී පාලිත තෙවරප්පෙරුම මහතා මෙම මත ගැටුම නතර කරන ලෙස තමාට මෙතෙක් ආණ්ඩුවේ ඉහළින් දැනුම්දීමක් නොලැබුණු බව ද පැවසීය.

පාලිත තෙවරප්පෙරුම මහතා මෙසේ ද පැවසීය, මං මොකටද කාටත් දෙවැනි වන්නේ. මං මේ විරෝධය දිගටම කරගෙන යනවා. මට මඩ ගහන්න ආවොත් මම මඩ නාවනවා. මගේ සටන් විරාමයක් නැහැ. හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නවා ප‍්‍රශ්නය දිගටම ගෙනියන්න එපා කියලා කවුරුහරි මට අවවාද කරලා ඇති කියලා. මම නම් ලොකු තැන්වලට ගිහින් අනේ මට මඩ ගහනවා කියලා පැමිණිලි කරන්න යන්නේ නැහැ.

නෝමන් පලිහවඩන

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements