Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ජනතාව නියම වශයෙන් නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් හරහා යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකි බව මේ සුළුතර ආණ්ඩුව හොඳහැටි දන්නවා. එමනිසා ඒ ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවෙන් නෙරපා හැර ඒ වෙනුවට පඹයන් පාර්ලිමේන්තුවට ගෙනැවිත් යෝජිත ව්‍යවස්ථාව සම්මත කරගැනීම ආණ්ඩුවේ අභිමථාර්ථය වී ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

බත්තරමුල්ල නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (07 දා) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා,

මේ වසරේ අභියෝග රාශියක් ඇති බව ඉතා පැහැදිලියි. අද බලයේ සිටින්නේ සුළුතර ආණ්ඩුවක්. මේ සුළුතර ආණ්ඩුවට යම් න්‍යාය පත‍්‍රයක් තිබෙනවා. මේ සුළුතර ආණ්ඩුව හොඳහැටිම දන්නවා ඔවුන් ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ දරන වැඩපිළිවෙළ ජනතාව සහමුලින්ම ප‍්‍රතික්ෂේප කරන බව. මේ සඳහා ජනතාවගෙන් කිසි සහයෝගයක් අනුමැතියක් නොලැබෙන බව දන්නවා. මේ ආණ්ඩුවට ඒ වැඩපිළිවෙළ හැංගි හොරා කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා.

තීරණ අරගෙන වැඩකිරීමට පුළුවන් රජයක් අද නොමැතිවීම රටේ අවාසනාව. අද තියෙන්නේ දමිළ සන්ධානය සුමන්දිරම්ලා මෙහෙයවන ආණ්ඩුවක්. සුමන්දිරම් ප‍්‍රමුඛ දමිළ සන්ධානය, ඩයස්පෝරාව හා මේ ආණ්ඩුව බලයට පත්කිරීමට වෙහෙසුණු දෙස් විදෙස් බලවේග තෘප්තියට පත්කිරීමටයි මේ වැඩපිළිවෙළ සකස් කර ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ දරන්නේ.

මේ සියලූ දේ අතර යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඉතා භයානකයි. මේ ව්‍යවස්ථාව ජනතාවගේ කැමැත්තෙන් කිසිසේත් සම්මත කරගන්න බැරිබව මේ සුළුතර රජය හොඳහැටි දන්නවා. ජනතාවගේ ආදරය ගෞරවය දිනාගත්, මේ දේශ ද්‍රෝහී වැඩපිළිවෙලට එරෙහිව ජනතාවට නායකත්වය දීමට ශක්තියක් ඇති දේශපාලන නායකත්වය නිශ්ශබ්ද කිරීමටයි දැන් සූදානම වෙලා තියෙන්නේ.

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සැලසුම්සහගත වැඩපිළිවෙලක් මේ වනවිට කි‍්‍රයාත්මක වෙනවා. ජාත්‍යන්තර වශයෙන් සංක‍්‍රාන්ත ඊළාම් ජාත්‍යන්තර රජය කියලා දෙයක් හදල එහි අගමැති තමන් කියලා නම් කරගත්ත කෙනෙක් ඉන්නවා රුද්‍රකුමාර් කියලා. මේ කියන සංක‍්‍රාන්ත ජාත්‍යන්තර ඊළාම් රජය ජාත්‍යන්තරව කිසිම රටක් පිළිගෙන නැහැ. මේ අය මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරලා ජාත්‍යන්තර අධිකරණ හමුවට මේ දෙපළ යවා සිරගත කිරීමේ වැඩපිළිවෙලක් දියත් වෙනවා. ඊට සහාය දීමේ නීතිඥ කටයුතු සිද්ධ වෙන්නේ සිවානි ත්‍යාගරාජා කියන නීතිඥවරයා අතින්. මේවා අපි සැහැල්ලූවට හෝ අවතක්සේරුවට සලකන්න හොඳ නැහැ. විශාල ධනස්කන්දයක් යොදවලා ජාත්‍යන්තර නිතීඥවරුන්ගේ සහායෙක් මෙවැනි වැඩපිළිවෙළක් දියත් වෙනවා. ඒ අතර යස්මින් සුකා කියන දකුණු අපි‍්‍රකාවේ ජීවත් වන කාන්තාව දරුස්මාන් කමිටුවේ සාමාජිකත්වය ලබාගෙන ලංකාවට එරෙහිව වාර්තාවක් සකස් කළා. ඇය එළිපිට ප‍්‍රකාශ කරලා තියෙනවා අපේ යුද හමුදාවේ නායකයන් 57 ක් සිරගත කළයුතු බව. එසේ කරන තෙක් ඔවුන් සෑහීමකට පත් නොවන බව ද සඳහන් කර තිබෙනවා.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සහුබාන් මැක්ඩොනර් මන්තී‍්‍රවරයාගේ සහභාගිත්වයෙන් පසුගියදා රැුස්වීමක් පැවැත්වුණා මේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සම්බන්ධයෙන්. මේ සුළුතර රජය දැන් සැරසෙන්නේ යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි. ඒකට අවශ්‍ය වටපිටාව ජාත්‍යන්තර බලවේග දැන් කි‍්‍රයාත්මක කරලා තියෙනවා. ඊට සමානව අපේ රට තුළත් බොහෝම භයානක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මකයි. මහින්ද රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමේ වැඩපිළිවෙළක් තමයි දැන් කි‍්‍රයාත්මක වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ මන්තී‍්‍රවරු 47 ක් පාර්ලිමේන්තුවෙන් නෙරපන්න සූදානම.

පාර්ලිමේන්තුව හරහා මේ යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්න බැරි නිසා ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරලා පඹයන් ටිකක් පාර්ලිමේන්තුවට ගෙනත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නයි හදන්නේ. එවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක කිසිම සුජාතභාවයක් නැහැ. එවන් උත්සාහයකට අපේ කිසිම සහායක් නැහැ. අපි දිවිහිමියෙන් එය පරාජය කරන්න කැප වෙනවා. එදිනෙදා ආණ්ඩුවක් ගෙන යන්නවත් බැරිව, මෙවැනි කුමන්ත‍්‍රණ අත්හැරලා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා අපේ රටේ ජනතාවට අලූත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට අවකාශය ලබාදිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා,

2018 වර්ෂය අවසාන භාගයේ රටම කතා වුණ මාතෘකාවක් වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකිමු. ව්‍යවස්ථාව ආරක්ෂා කරමු වගේ දේවල්. මහා හයියෙන් ඒ දේවල් කියපු අය අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරලාද නැද්ද කියන ප‍්‍රශ්නය රට ඉදිරියේ තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හිරු දෙවියෝ රනිල් වික‍්‍රමසිංහ, සඳු දෙවියෝ අනුර කුමාර, තරු දෙවියෝ සුමන්දිරන්. මේ තුන් කට්ටුව කළ හඬ තුළ තිබුණේ රනිල් වික‍්‍රමසිංහ නැවත අගමැති පුටුවේ වාඩි කිරීමයි. පක්ෂය ඇතුළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කියලා බලාපොරොත්තු දුන්නා. බලාපොරොත්තු කඩවෙලා හිටපු එජාපයේ කට්ටිය හිතුවා රනිල් වික‍්‍රමසිංහ කියන්නේ දැන් අලූත් නායකයෙක් කියලා. ඒ වුණාට දැන් බලද්දි පරණ රනිල්ම තමයි. පාක්ෂිකයාටවත් තමන්ගේ මිනිස්සුන්ටවත් කන්නොදී රනිල් වික‍්‍රමසිංහ එයාගේ ගමන යනවා. අනුර කුමාරගෙන් අහන්න තියෙන්නේ ඔබට දැන් සතුටුයිද කියලා තමයි.

කිරිපිටි පැකට්ටුවක් රුපියල් 135 කින් වැඩි කරන්න කියලා කිරිපිටි සමාගම්වලින් ඉල්ලීම් ඇවිත්. මිල වැඩි නොකළොත් කිරිපිටි ගෙන්වීම නතර කරන්න වෙනවාලූ. කිරිපිටි කිලෝවකට රුපියල් 170 ක් රජයට බදු ගෙවනවාලූ. කිරි දරුවන්ට දෙන කිරි ටිකෙන් බදු ගහන ආණ්ඩුවක්. නමුත් කතා කළේ සක‍්‍ර දේවියන් වඩම්මලා සක‍්‍ර දෙවියන්ට කරන්න බැරි දේවලූත් කරනවා කියලයි කිව්වේ. ගෑස් සිලින්ඩරයකට රුපියල් 378ක් වැඩි කරන්න ගෑස් සමාගම් ඉල්ලා තිබෙනවා. මේ විදියට 2019 කියන්නේ ජීවත් වෙන්න හැකියාවක් තියෙන වසරක් වෙයිද?

මේ දවස්වල ඇමැති පොරයක් ඇති වෙලා. ඉස්සර අපි ආණ්ඩුව කරද්දි ආණ්ඩුව විවේචනය කරන්නේ විපක්ෂය. දැන් ආණ්ඩුවට බණින්නේ ආණ්ඩුවමයි. හිටපු මුදල් ඇමැති, වත්මන් විදුලි බල ඇමැති කියනවා කිසිම හැකියාවක් නැති අය පක්ෂයට ඇවිත් අපිව පක්ෂයෙන් එළවන්න හදනවා, කේවට්ටයෙක් පක්ෂයේ ඉන්නවා. මේ කේවට්ටයා වෙන කවුරුත් නොවෙයි මලික් සමරවික‍්‍රමයි. මේ ආණ්ඩුවේ ඉන්න අය එකිනෙකාට බැණ ගන්නවා. කම්බ හොරු කියනවා. පහුගිය මහින්ද රාජපක්ෂ අගමැති සමයේ ජාතික ආණ්ඩුවක් නෙවෙයි තිබුණේ. ජාතික ආණ්ඩුවක් නම් විතරයි ඇමැතිවරු තිහකට වැඩිවෙන්නේ. ඒ දවස්වල කිසිම කෙනෙක් ඇමැති තනතුරුවලට පොරකෑවේ නැහැ. අපි කිව්වේ අපිට ඇමැතිකම් එපා කියලයි. ආදර්ශය අපි පෙන්නුවා.

අනුර කුමාර දිසානායකට මේ ආණ්ඩුවේ දේවල් පේන්නේ නැහැ. ෆොන්සේක තෙවරප්පෙරුම රණ්ඩුවක් තියෙනවා. ඒ කතා ඇතුළේ මේ රටේ අතුරුදන් වුණු අය. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් ගැන කියැවෙනවා. ඒ ගැනයි හොයලා බලන්න ඕනේ. ඇයි නිහඬ. දැන් ඇත්ත එළියට එනවා. ජවිපෙ කට්ටිය දැන් ආයෙත් විද්වත් සභාවක් පටන් අරන්. සරත් ෆොන්සේකා හොඳයි කියලා ජනාධිපති ඇඳුම ඇන්දුවේ ජවිපෙයි. ජවිපෙ තීන්දු ගැන රටේ මිනිස්සුන්ට දැන් හොඳට තේරෙනවා. රට අස්ථාවර තීන්දු ගන්නේ ජවිපෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී තාරක බාලසූරිය මහතා,

මේ ආණ්ඩුවේ ආයුෂ සීමිතයි. රක්ෂණ සංස්ථාවත් එක්ක කරපු සුරක්ෂා රක්ෂණය බහුජාතික සංවිධානයක් එක්ක පවත්වාගෙන යෑමේ උත්සාහයක් තියෙන බව දැනගන්න ලැබෙනවා. මුදල් අමාත්‍යාංශයේ් චක‍්‍රලේඛනයේ කියන්නේ රජයේ රක්ෂණයක් නම් රක්ෂණ සංස්ථාවට දිය යුතු බවයි. රක්ෂණය ගෙවලා තියෙන්නේ බිලියන 475 යි. මාර්කටින් වියදම් විදියට මිලියන 200 ක් දාලා. මේ මිලියන 200 වියදම් වුණු විදිය ගැනත් හොයලා බලන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

අනුර බාලසූරිය

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook