Advertisement

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා නව සන්ධානයක් බිහි කිරීම කඩිනමින් අවසන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉදිරි දෙසතිය තුල දී එහි වැඩකටයුතු අවසන් කිරීමට නියමිතය. දේශපාලන පක්ෂවලට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයින් ද මෙම පෙරමුණට ඒකාබද්ධ කිරීම සදහා සාකච්ඡා ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විමද්‍යගත ප්‍රතිපාදන මත ජා-ඇල ආසනයේ ක්‍රීඩා සමාජ සහ ස්වේඡ්ඡා සංවිධානවලට පුටු කට්ටල සහ සෙවිලි තහඩු පිරිනැමීමේ උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය.

රාගම බැසිලිකා ක්‍රිඩාංගණය අසල මෙම උත්සවය පසුගියදා පැවැත්විනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේ දී පවත්වන්න පුළුවන්. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා නව පෙරමුණක් ගොඩනගනවා. අපේම නායකයෙක් ජනාධිපතිධූරයට පත් කිරීමටයි අපි සැළසුම් කර ඇත්තේ. පසුගිය කාලයේ ජාතික ආණ්ඩුවක් හැදුවත් ජනතාවට ඇතැම්විට නිසි සේවාවක් ඉටු නොකළ බවට චෝදනා එල්ල වනවා. ඒ නිසා තමයි අපේම නායකයෙක් පත් කර ඔබලාට සේවයක් ඉටු කිරිමට සැළසුම් කර ඇත්තේ. ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය ද ජයගැනීමට අපි සැළසුම් සකස් කර තිබෙනවා. එම මැතිවරණය ජයගැනීමෙන් වසර 2025 දක්වා රාජ්‍ය පාලනය කිරීමටයි අපි බලාපොරොත්තු වන්නේ.”

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ඇතැලු විශාල පිරිසක් එක්ව සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements