Advertisement

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස පත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (24) ඒකමතිකව තීරණය කළේය.

ඊට අමතරව වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් ලෙස පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ පැවැත්විණි.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශක්තිමත් ලෙස මුහුණ දීමට වැඩපිළිවෙළක් සකස් කිරීමේ වගකීම පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා වෙත මෙහිදී පවරා ඇති අතර එම වැඩපිළිවෙළ පක්ෂයේ නිලධාරී මණ්ඩලයට ඉදිරිපත් කර පසුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබේ.

ගම්පෙරළිය වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

රජයේ සංවර්ධන වැඩකටයුතු සම්බන්ධයෙන් රජයේ මාධ්‍ය වලින් ලැබෙන ප්‍රචාරය ප්‍රමාණවත් නැති බවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා වී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements