පුරාවිද්‍යා වටිනාකමකින් යුත් දාගැබක් මත නැගි ඡායාරූප ගත් සරසවි සිසුන් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විරෝධතාවයක් පැන නැගි තිබෙනවා.මෙලෙස ඡායාරූප ගෙන මුහුනුපොතට මුදා හැර ඇති එක් අයෙකු තමන් සරසවි සිසුවෙක් බව හදුන්වා දී තිබුණා.
මෙලෙස අනුරාධපුරයේ පිහිටා තිබෙන පෞරාණික දාගැබක් මත නැගි ඡායාරූප ගත් පිරිස අතර අග්නිදිග සරසවියේ ඉංජිනේරු පිඨයේ සිසුන් පිරිසක්ද සිටින බවයි හෙළි වි ඇත්තේ.මෙලෙස පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන හා ආගමික ස්ථානයකට අගෞරව කිරිම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට එරෙහිව වගකිවයුතු අංශ ක්‍රියාත්මකවී ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වි නැහැ.




