Featured News

Video Gossip

Advertisement

යුදහමුදාපතිට මඩක්.

තමන් කිසිඳු අවස්ථාවක මාධ්‍යවේදීන්  පහත් කොට කතා නොකළ බවත්, තමා ඔවුන් ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන අතරම ඔවුන්ට ගරු කරන බවත්, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

 යුද හමුදාපතිවරයා මේ ප්‍රතිචාරය දක්වා සිටියේ  විදෙස් සංචාරයක් ලබාදුන් විට මාධ්‍ය ලවා ඕනෑම දෙයක් කරවාගත හැකි බවට ඔහු සිය නිලධාරීන් සමඟ පවසා ඇතැයි පළව ඇති වෙබ් සටහන් සම්බන්ධයෙන්ය.

 මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හමුදාපතිවරයා මෙසේද පවසා ඇත.

“එම ලිපියේ සඳහන් තොරතුරු සත්‍ය නෙවෙයි. මේ දිනවල යුද හමුදාවේ දැනට පුරප්පාඩුව පවතින මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා තරගයක් ඇතිවී තිබෙනවා. කාටහරි අවශ්‍යතාවයක් ඇතිවෙලා තියෙනවා මගේ නම නරක් කිරීමට. ඒ වගේම මාධ්‍ය කේෂත්‍රයේ මගේ මිතුරන් සමඟ ගැටුමක් ඇති කරන්න..”


නොපළ කතාව !

"පසුගිය ජනවාරි 03 වැනිදා වසර 22කට වැඩි සේවා කාලයකින් පසුව විශ්‍රාම ගැනීමට නියමිත සාජන් මේජර්ලා 6 දෙනෙකුව මම කැඳෙව්වා. ඒ අවස්ථාවේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හා දේවින්ද පෙරේරාත් සිටියා. ඔවුන්ගේ කතාවන් සඳහා විනාඩි 15ක් පමණ මම ඇහුම්කන්දීල යුද හමුදාවට රටට ඔවුන්ගෙන් වූ සේවය අගය කළා. ඒ වගේම ඔවුන්ගේ විනය පවත්වා ගෙන යන ආකාරය මම අගය කළා.

අපි යුද්ධයෙන් වසර 10කට පසුව අපේ හමුදාවේ තත්ත්වය සම්බන්ධයෙන් අගය කරා... දේශීය වශයෙනුත් අන්තර්ජාතික වශයෙනුත්. අපි ත්‍රස්තවාදය අතුගා දැමූ හා ඉන් බොහෝ පාඩම් උගත් හමුදාවක් බවත් කිව්වා. ඉන්පසුව එල්ටීටීඊ සාමාජිකයින් 1300 කට වඩා පුනරුත්ථාපනය කර සමාජ ගත කිරීම ගැනත් කතා කළා.”

"මාලි, ලෙබනන්, සුඩාන් වැනි මෙහෙයුම් වලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක කටයුතු වලට අප දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තරවශයෙන් අපට රෙකමදාරු ලැබිල තිබුණත් ඒවා බොහෝ දෙනෙක් නොදන්නා බවත් කිව්වා..එබැවින්, නුදුරු අනාගතයේ දී තෝරාගත් මාධ්‍ය වෘත්තිකයින් කිහිපදෙනෙකු (උදා: බන්දුල ජයසේකර මහතා පෙතිකඩ සිරස) යැවීම මගින් හොඳ ප්‍රචාරයක් ලබාගත යුතු බවත් සඳහන් කරා..”

"ඒ අනුව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවය හරහා ලෝක සාමයට අපි දක්වන දායකත්වය ගැන ප්‍රචාරයක් ලබා ගැනීම තමයි මගේ අරමුණ වුණේ…"

හමුදාපති සඳහා පත්වීමට පෙර තිබූ ආරෝවක් !

මේ අතර තවත් ආරංචිමාර්ගයක් සඳහන් කර සිටියේ මහේෂ් සේනානායක ශ්‍රී ලංකා යුද හමුදාපති වීමට පෙර ඒ සඳහා වෙනත් පාර්ශවයක් පත්කර ගැනීමට ගැනුණු උත්සාහය ව්‍යර්ථ වීමේ ආරෝවක්ද මේ පුවත් නිර්මාණය පිටුපස තිබු බවය.

ඒ අනුව මෙවර මෙම පුවත නිර්මාණය කර ඇත්තේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස මහේෂ් සේනානායක යුද හමුදාපතිවරයා පත්වීම වළක්වාලීම අරමුණෙන් ඔහුගේ නමට කැළලක් කිරීම සඳහා විය හැකි බවද එම ආරංචිමාර්ග පෙන්වාදෙයි.

infosrilankanews

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements