Advertisement

මාධ්‍යවේදීන් තිදෙනෙක් වන මධුක තක්සල , සංජය ලියනගේ සහ විමුක්ති දුෂාන්ත විසින් 'බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව' සහ එම වාර්තාවේ ඉදිරිපත් කළ අවසන් නිර්දේශ ඉල්ලා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ප්‍රකාරව පසුගිය 01 වනදා කොළඹ ගාලු මුවදොර, පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය වෙත තොරතුරු ඉල්ලිමක් (RTI) ගොනුකර තිබේ.
ඔවුන් විසින් ඉල්ලා ඇති තොරතුරු පහතින්,

01. බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව.
02. බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඉදිරිපත් කළ අවසන් නිර්දේශය.
03. බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තා වේ 'රහස්‍ය ලේඛණ' නමින් කිසියම් පරිච්ඡේද ප්‍රමාණයක් ජනාධිපති කාර්යාලය සතුව තබා ගැනීමට හේතුව? එය ප්‍රසිද්ධ ලේඛනයක් නොකිරීමට හේතුව?
04. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් අදාල රහස්‍ය ලේඛන කියවූ බවට ප්‍රකාශ සිදු කර ඇත. ඒ පදනමෙන් සාමාන්‍ය පුරවැසියන් ලෙස අප හටද ඒ අවස්ථාව හිමිවිය යුතුව ඇත.
(i). රජිත් කීර්ති තෙන්නකෝන් වෙත එම රහස්‍ය ලේඛණ කියවීමට ලබා දුන්නාද?
(ii). එම ලේඛණ ඔහුට පමණක් ලබාදීමට විශේෂත්වයක් තිබේද ?
(iii). මෙම රහස්‍ය ලේඛණ වල ඇතුළත් කරුණු පිළිබදව ජනාධිපති සිරිසේනද විවිධ අවස්ථාවලදී ප්‍රකාශ නිකුත් කර ඇති බැවින් එය තවදුරටත් මහජනයා වෙතින් දුරස් කර තැබීම ගැටලු සහගතය. එබැවින් රාජ්‍ය මූල්‍ය සම්බන්ධ මෙම ගනුදෙනුව සම්බන්ධව දැනුවත්වීම පුරවැසි අයිතිවාසිකමකි. ඒ පදනමින් එම ලේඛණ වල අවශ්‍යතාව මතුව තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements