Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ වෘත්තිය සමිති නායක නායිකාවන් හා එක්සත් ජාතික පක්‍ෂවෘත්තීය සමිති ලේකම්, පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ. ඒ කෝට්ටේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදීය.
එහිදී පක්‍ෂයේ වෘත්තීය සමිති ලේකම්වරයා ලෙස අභිනවයෙන් තේරී පත් වූ පාලිත රංගේ බණ්ඩාර මහතාට සියළු නියෝජිතයින් විසින් සුබ පැතුම් පිරිනැමූහ.
පක්‍ෂයේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ මෙහිදී පුළුල් අවදානයක් යොමු කෙරිණ. මූලිකව අවදානයයොමු වූයේ වෘත්තීය සමිති නව ජවයකින් බලාත්මක කිරීම පිළිබඳයි.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ වෘත්තිය සමිති ලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිතරංගේ බණ්ඩාර මහතා කියා සිටියේ දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට සාධාරණය ඉටු කිරීම තමාගේ මූලික අරමුණක් බවයි. ඒ පිළිබඳ තොරතුරු රැස්කරමින් ඔවුන්ට සාධාරණය ඉටු කිරීමේ වැඩපිළීවෙල කඩිනම් කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පුළුල්ව සාකච්ඡා සිදු කරන බවත් පැවසීය.
එමෙන්ම සෑම මැතිවරණ දිස්ති‍්‍රක්කයකටම වෘත්තීය සමිති කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා පක්‍ෂයේ මන්ති‍්‍රවරයෙකු විශේෂ නියෝජිතයෙකු ලෙස පත් කිරීමටද පියවර ගන්නා බව පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.
සියළු වෘත්තීය සමිති සාමාජිකයින්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු දිනයන් හැර අනෙක් සතිවල බදාදා දිනය වෙන් කිරීමටත්, එම කටයුතු වෙනුවෙන් වෘත්තීය සමිති ලේකම්වරයා ලෙස තමන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ බදාදා දිනයේ රැදී සිටින බවටත් ඔහු පොරොන්දු විය.
මේ අතර වෘත්තීය සමිති බලාත්මක කරමින් වඩාත් පුළුල් සේවාවක් සිදු කිරීමේ අරමුණින් යෝජනාවලියක් සකස් කිරීමටද මෙහිදී තීරණය විය.
මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ වෘත්තීය සමිතිවල ප‍්‍රධාන නියෝජිතයින් සහභාගී වී සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements