Advertisement

නව වසර උදාවීමත් සමඟ ගෙවීගිය දින කීපයේ හම්බන්තොට ජාත්‍යන්තර වරායට නෞකා 7 ක් පැමිණ ඇති බව HIPG සමාගම පෙන්වා දෙයි. මෙසේ පැමිණි නෞකාවන් අතර 'අබාන් අබ්රාහම්’ තෙල් ගවේෂණ නෞකාවේ පසු ගවේෂණ කාර්යයන්, 'ඕකිඩ්’ යාත්‍රාවේ නැවෙන් නැවට තොග හුවමාරුව, 'චැම්පියන් එක්ස්ප්රෙස්' තෙල් නැවේ අලුත්වැඩියා කටයුතු, 'ග්ලෝවිස් සිරිස්' සහ 'ග්ලෝවිස් චැම්පියන්' යන නෞකාවන්හි ගොඩබෑම් සහ පැටවීම් කටයුතු, 'සයුරළ' නෞකාවේ හුරුපුරුදු කිරීම හා මෙහෙයුම් අවස්ථා වැනි සේවාවන් රැසක් එක්වේ.

ඉතාමත්ම කාර්යක්ෂම බහුසේවා වරායක් වන හම්බන්තොට ජ්‍යාත්‍යන්තර වරාය සපයන විවිධ සේවාවන් මෙන්ම වරායේ නිපුණ සේවක මණ්ඩලය දැනට නැංගුරම්ලා ඇති නෞකා අතරින් එක් නැවක තොග ගොඩබෑම් ක්‍රියාවේ යෙදී සිටින අතර, මෝටර් රථ නැව්හුවමාරු කිරීම සඳහා පැමිණ ඇති මෝටර් රථ ප්‍රවාහන (රෝරෝ) නෞකා 2ක මෙහෙයුම් ද හසුරුවමින් සිටියි. එමෙන්ම අලුත්වැඩියා කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් මේ වනවිට හම්බන්තොට වරායේ නැංගුරම්ලා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements