Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට එක්වී එම පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇතැයි තමන් කිසිසේත් විශ්වාස නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා‍ පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මෙරට සමස්ථ වැඩකරන ජනතාවගේ දේශපාලන පක්ෂය බවත් වමේ දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ට එක්සත් ජාතික පක්ෂයේ මතවාද සමඟ කිසිසේත් එකඟ විය නොහැකි බවත් වැඩබලන මහලේකම් වරයා සඳහන් කළේය. ගතවූ වසර තුනහමාරක කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව යහපාලන ආණ්ඩුව කරගෙන ගිය ද තව දුරටත් එක්ව ගමන් කළ නොහැකි හෙයින් ආණ්ඩුවෙන් වෙන්වීමට තීරණය කළ බවද දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එවැනි පසුබිමක් තිබියදී එක්සත් ජාතික පක්ෂයේ අරමුණු ඉටුකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හෝ සාමාජිකයින් නැවත වතා‍වක් එජාපයට එක්වනු ඇතැයි තමන් කිසිසේත් විශ්වාස නොකරන බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන නව මහලේකම්වරයා ලෙස පක්ෂය ශක්තිමත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ජයසේකර මහතා කීය. ඉදිරි සතිය තුළ ආසන සංවිධායකයින් පත්කර අවසන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල මණ්ඩල, දිස්ත්‍රීක් සංවිධාන, ශාඛා සමිති ආදි සියල්ල ඒකරාශි කරමින් පක්ෂය ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements