Advertisement

ලොව හොඳම සංචාරක ගමනාන්ත අතර
මුල්තැන නැවතත් ලංකාවට

'ලෝන්ලි ප්ලැනට්' මාර්ගෝපදේශන ප්‍රකාශනයෙන් 2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස නම් කෙරුණු ශ්‍රී ලංකාව නැවත වරක් තවත් දර්ශක දෙකක ලොව ආකර්ෂණීයම සංචාරක ගමනාන්තය ලෙස ප්‍රකාශයට පත්ව තිබේ.

2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස 'ලෝන්ලි ප්ලැනට්' මාර්ගෝපදේශන ප්‍රකාශනය විසින් මේ සුන්දර පාරාදීසය නම් කිරීමත් සුවිශේෂ කරුණක්.
එවන් පසුබිමක ලොව ප්‍රමුඛ යුනිලෑඩ් සඟරාවද 2019 වසරේ සංචාරය කිරීම සඳහා වන ලොව හොඳම ස්ථාන 05 අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර තිබේ. ඔවුන් පෙන්වා දෙන පරිදි මෙරට සංස්කෘතීන් ගණනාවක අත්දැකීම් විඳගන්න වගේම දේශිය ආහාර විවිධත්වය, හොඳම වන ජීවී කලාප දැකගැනීම, ලොව සුපතල වෙරළ තීරයන් සහ පූජනීය ස්ථානවල සංචාරය කිරීම ආදි සංචාරක අපේක්ෂා රැසක් ඉටුකරගැනීමටත් ශ්‍රී ලංකාව අපූරු තෝතැන්නක්.

මෙම වර්ගීකරණයේ දෙවන ස්ථානයට ජපානය නම් කර ඇති අතර පේරු රාජ්‍යයට 03 වන ස්ථානය හිමිවේ..

මේ අතර ලොව මිලියන 1.3 කට වැඩි සංචාරකයන් සංඛ්‍යාවක් ඡායාරූපකරණය සඳහා සමාජ වෙබ් අඩවි වලින් සොයා බලා ඇති සංචාරක ස්ථාන පිලිබඳව සිදුකළ පරීක්ෂණයකින් ශ්‍රි ලංකාවේ කොළඹ නගරය වැඩිම ඉල්ලුම ඇති ස්ථානය බවට පත්ව තිබේ.

ඒ අනුව 2019 වර්ෂයේ දී කොළඹ නගරය නම් කර ඇත්තේ 'ඡායාරූප ගත කිරීමේ' ප්‍රමුඛතම සංචාරක ගමනාන්තය ලෙසයි.

එහි සෙසු ස්ථානවලට ජපානයේ යොකෝහමා නගරයත්, උගන්ඩාවේ ගෝරිල්ලා ජාතික උද්‍යානයත් ඇතුළු ස්ථාන 09 ක් තේරී පත්ව තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements