Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට්‍(Rodrigo Duterte)මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා අද (16) පැවැත්විමට නියමිතව තිබේ. දෙරට අතර දේශපාලන, ආර්ථික හා සංස්කෘතික සබඳතා ඉහළ නංවා ගැනීම ජනාධිපතිවරයාගේ සංචාරයේ අරමුණ වී ඇති අතර ඒ පිළිබඳ නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද මෙහිදී ජනාධිපතිවරයා අත්සන් තැබීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනෝස් හි පවතින ජාත්‍යන්තර සහ පර්යේෂණ ආයතනයේ සංචාරයකට එක්වීමට ද සැලසුම් කර තිබේ.

සිව්දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. මේ වසරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු විදෙස් සංචාරය මෙය වන අතර නව වසරේ පිලිපීනයට රාජ්‍ය නායකයෙකු පැමිණෙන පළමු අවස්ථාව ද මෙය වෙයි.

පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් ගේ ආරාධනයක් මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරතව තිබේ.

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1961 වසරේ ආරම්භ වූ අතර 1978 වසරෙන් පසුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට එරට රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා ලැබූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වෙයි.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook