Advertisement

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට්‍(Rodrigo Duterte)මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා අද (16) පැවැත්විමට නියමිතව තිබේ. දෙරට අතර දේශපාලන, ආර්ථික හා සංස්කෘතික සබඳතා ඉහළ නංවා ගැනීම ජනාධිපතිවරයාගේ සංචාරයේ අරමුණ වී ඇති අතර ඒ පිළිබඳ නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද මෙහිදී ජනාධිපතිවරයා අත්සන් තැබීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනෝස් හි පවතින ජාත්‍යන්තර සහ පර්යේෂණ ආයතනයේ සංචාරයකට එක්වීමට ද සැලසුම් කර තිබේ.

සිව්දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. මේ වසරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු විදෙස් සංචාරය මෙය වන අතර නව වසරේ පිලිපීනයට රාජ්‍ය නායකයෙකු පැමිණෙන පළමු අවස්ථාව ද මෙය වෙයි.

පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් ගේ ආරාධනයක් මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරතව තිබේ.

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1961 වසරේ ආරම්භ වූ අතර 1978 වසරෙන් පසුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට එරට රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා ලැබූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements