Featured News

Video Gossip

Advertisement

ලබන වසරේ ඉංජීනේරු පීඨයකට ප්‍රවේශ වීම සඳහා සුදුසුකම් ලබා සිටියදී සිය දිවි නසා ගැනීමට ගොස් මොළයට හානි සිදුවී කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගිය 21 හැවිරිදි තරුණයකුගේ වකුගඩු දෙක ඉවත් කරගෙන වකුගඩු රෝගී තරුණයන් දෙදෙනකුට
සාර්ථක ලෙස බද්ධ කළ බව මහනුවර ශික්ෂණ රෝහලේ දී මියගිය අයගේ අවයව ලබාගැනීමේ සම්බන්ධිකරණ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය අරුණ අබේසිංහ මහතා පවසයි.

සිය දිවි නසා ගැනීමට යාමේදී මොළයට හානි සිදුවී මොළේ මියගිය අයකුගේ වකුගඩු දෙකක් බද්ධ කිරිම මීට පෙර සිදුකොට නොතිබුණ බවත්. මෙවැන්නක් මෙරට සිදුවූයේ පළමුවරට බවත් වෛද්‍ය අබේසිංහ මහතා සඳහන් කළේය.

මෙම තරුණයාගෙන් ලබාගත් වකුගඩු දෙක සාර්ථක ලෙස කරුණයන් දෙදෙනකුට බද්ධ කර ඔවුන් සුවය ලබමින් සිටින බව ද වෛද්‍ය අබේසිංහ මහතා කීය.

මෙම වකුගඩු දෙකෙන් එකක් මහනුවර ශික්ෂණ රෝහලේ දි හසලක මිනිපේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකුට වකුගඩු බද්ධ කිරිමේ ඒකකයේ ශල්‍ය වෛද්‍ය විශේඝඥ පී.කේ. හරිස්චන්ද්‍ර මහනා විසින් බද්ධ කරනු ලැබීය.
අනෙක් වකුගඩුව පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකුට බද්ධ කරනු ලැබුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ශල්‍ය වෛද්‍ය විශේෂඥ බන්දුල සමරසිංහ මහතා විසිනි.

තම එකම පුතාගේ වකුගඩු දෙක ඔහුට පින් පිණිස රෝගීන් දෙදෙනකු ජීවත් කරවීම සඳහා පරිත්‍යාග කිරීමට එම තරුණයාගේ මව සහ පියා කැමැන්ත ප්‍රකාශ කිරිමෙන්
පසුව ශල්‍ය වෛද්‍ය විශේෂඥ හරිස්චන්ද්‍ර මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලට ගොස් වකුගඩු දෙක ශල්‍යකර්මයක් මගින් පෙරේදා (20) ඉවත් කරගත්තේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍ය විශේෂඥ දීපානි විජේසිංහ මහත්මිය. වෛද්‍ය අබේසිංහ මහතාට මෙම මොළේ මියගිය තරුණයා ගැන දැනුම්පදීමේ ප්‍රතිඵලයක් වශයෙන් වකුගඩු රෝගීන් දෙදෙනකුට ජීවත්වීමේ වාසනාව ලැබී ඇත.

මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය ගෝතම රකිනවසම් මහනා, එම රෝහලේ මොළේ මියගිය අයගේ ශරිර අවයව ලබාගැනීමේ ඒකකය බාර හෙද නිලධාරී අනුර රත්නායක, සහකාර සම්බන්ධිකරණ නිලධාරී හෙද නිලධාරිනි ආර්.එම්. ජයවර්ධන යන මහත්වරුන් සහ හෙද නිලධාරිනියක් වන පවිත්‍රා බුලත්ගම සහ රසිකාමණී විජේවීර යන මහත්මීන් වකුගඩු දෙක ඉවත් කර ගැනීමේ කාර්යයේදී විශේෂඥ වෛද්‍යවරයාට සහාය දී තිබේ.
තමන්ට සිටි එකම පුතාගේ වකුගඩු දෙකෙන් තවත් පුතුන් දෙදෙනකු ජීවත් කරවීමට ලැබීමෙන් පුතා මියයාමේ දුක යම් තරමකට හෝ තුනී කර ගැනීමට හැකි වන බව එම තරුණයාගේ මව සහ පියා පැවසු බව වෛද්‍ය අබේසිංහ මහතා කීය.

වකුගඩු දෙකට අමතරව අක්මාව සහ හදවන ද ලබාදීමට එම තරුණයාගේ මවුපියන් කැමැත්ත දී තිබුණත් ඒවා බද්ධ කිරිමට ලබාගැනීම සුදුසු තත්වයක නොතිබුණ බව වෛද්‍ය අබේසිංහ මහතා පවසයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements