Featured News

Video Gossip

Advertisement

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විද්‍යා ගණිත , ඉන්ජිනේරු සහ ජෛව තාක්ෂණ විෂය ධාරාවල සිසුන්ගේ ප්‍රතිඵල ඉහළ ගොස් තිබේ.

ජීව විද්‍යා අංශයෙන් 2017 වසරේ උසස් පෙළට පෙනී සිටි සිසුන් 44229 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 25178 දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබීය. එහි ප්‍රතිශතය 56.88% කි.

එහෙත් මෙවර 2018 ජීව විද්‍යා අංශයෙන් සිසුන් 46244 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 27402 ක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබේ.එහි ප්‍රතිශතාත්මක අගය 59.25% කි.

ගණිත අංශයෙන් ඉකුත් 2017 වසරේදී සිසුන් 32075 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 17584 දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබිණි. එය 54.82% කි.

මේ වසරේදී ගණිත අංශයෙන් සිසුන් 32311 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 18514 ක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබේ.එය ප්‍රතිශතයක් ලෙස 57.20%කි

ඉන්ජිනේරු තාක්ෂණ විශය ධාරාව යටතේ සිසුන් 10.682ක් 2017 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර ඉන් 6163 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබේ. මෙවර 2018 වසරේදී එම විශය ධාරාව යටතේ සිසුන් 13950 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 80977 ක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 58.04% කි.

මීට අමතරව 2017 වර්ශයේදී ජ්‍යෛව තාක්ෂණික විශය ධාරාව යටතේ සිසුන් 6970 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 4303ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා තිබේ.සමත් වූ සංඛ්‍යාව 61.74% කි.

එහෙත් මෙවර ජෛව තාක්ෂණ විශය ධාරාව යටතේ සිසුන් 9463 ක් පෙනී සිටි අතර විශ්ව විද්‍යාල ප්‍රවේශයට ඉන් 6088 ක් සුදුසුකම් ලබා තිබේ. එය 64.33%කි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements