Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

විවිධ දුෂ්කරතා මතුවුවද ජනතා හිතවාදී අයවැයක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) දින විශේෂ ප‍්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

පැවති දේශපාලන අර්බුදය හමුවේ දින 51 ක් පුරා දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවා තැබීමටද ආණ්ඩුව සූදානම් බව එහිදී අගමැතිවරයා පැවසීය.

එය ලෙහෙසි පහසු කාර්යයක් නොවුණද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ ජනතා පරමාධිපත්‍යයට එල්ල වූ අභියෝගයන් ජයගත් ආකාරයටම මෙරට ආර්ථිකයත් ඉහළට ඔසවා තබන බවද හෙතෙම කීය.

රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වා ගනිමින්, ජීවන වියදම අඩුකොට ජනතාවට ජීවත්වීමට හැකි පරිසරයක් රට තුළ ඇති කිරීමටද බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අගමැතිවරයා කළ විශේෂ ප‍්‍රකාශය මෙසේය.

දේශපාලන, සමාජයීය හා ආර්ථික අභියෝග රාශියක් අද අප ඉදිරියේ තියෙනවා. 2015 වසරේ අප ආණ්ඩුව බාර ගනිද්දී මුළු රටම ඉතා අනතුරුදායක ණය උගුලකට සිරවී තිබුණා. ඒ ණය උගුලෙන් උපායශීලීව ගැළවෙන්නට අප පියවර ගත්තා. ණය උගුලට හසුවී අපේ වරාය, ගුවන්තොටුපොළ වැනි ආයතන වෙනත් රටවලට සින්නවීමේ අවදානමෙන් අපේ රට ගළවාගන්න අපට පුළුවන් වුණා. අපි දහසක් අසීරුතා මැද රටේ ආර්ථිකය ස්ථාවර තැනකට ඔසවා තැබුවා.

නමුත් මේ වසරේ ආර්ථික ක්ෂේත‍්‍රයෙන් අපට බරපතළ අභියෝගයක් තියෙනවා. වැඩිම ණය ගෙවීම් ප‍්‍රමාණයක් අපට කරන්නට තියෙන්නේ මේ අවුරුද්දේයි. 2019 වර්ෂය තුළ අපි ගෙවිය යුතු මුළු විදේශ ණය හා පොලිය ඇමෙරිකානු ඩොලර් මිලියන 5900 ක් පමණ වෙයි කියලා ගණන් බලලා තියෙනවා. ඒ වගේම ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ගෙවන ලොකුම ණය වාරිකය අපට ගෙවන්න තියෙන්නේ ජනවාරි 14 වැනිදා. ඇමෙරිකානු ඩොලර් මිලියන 2600 ක්.

පසුගිය රජය සමයේ ගත් ණය ආපසු ගෙවීම රටේ සාමාන්‍ය ජනතාවට බරක් නොවන අයුරින් සිදු කිරීමේ සැලැස්මක් අප සකස් කර තිබුණා. දේශීය ආර්ථිකය නංවාලීම, අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම, විදේශ ආයෝජන ඉහළ නැංවීම ආදී ක‍්‍රමික සැලසුම් අප දියත් කරමින් සිටියා.

පසුගිය වසරේ ගෝලීය ආර්ථිකයේ ඇතිවූ යම් යම් වෙනස්කම් හා ප‍්‍රවණතා හේතුවෙන් රුපියලේ අගය දුර්වල වුණා. අප රුපියල ස්ථාවර කරලීමේ උපාය මාර්ග පිළිබඳවත් දැඩි අවධානයක් යොමු කරමින් හිටියා.

නමුත් ඔක්තෝබර් 26 වැනිදා මේ රටේ සිදුවූ දේශපාලන වියවුල හේතුවෙන් ඒ සියලූ කටයුතු එකතැන හිරවුණා. දවස් 51 ක් පුරා පැවති දේශපාලන අස්ථාවරත්වය නිසා ස්ථාවර මට්ටමකට එසැවෙමින් තිබූ අපේ ආර්ථිකයට මරු පහරක් වැදුණා. ආර්ථික වර්ධන වේගය අඩාල වුණා. රුපියල තව තවත් අස්ථාවර වුණා. ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට වැටුණා. විදේශ සංචිත පහළ වැටුණා. මේ කාලය තුළ කිසිම රටකින් හෝ කිසිම ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකින් කිසිම ණයක් හෝ ආධාරයක් ලබා ගන්නට ශ‍්‍රී ලංකාවට නොහැකි වුණා.

මේ අවිචාරාත්මක කාලපරිච්ෙඡ්දය තුළ තීරණ ගැනීමක් සිදුවුණේ නැති නිසා රජයේ සංවර්ධන වැඩසටහන්, ව්‍යාපෘති නතර වුණා. ප‍්‍රාග්ධන අරමුදල් වියදම් කළේ නැහැ. මේ කාලය තුළ ආර්ථිකයට සිදුවූ සම්පූර්ණ හානිය එක්වරම පෙනෙන්නේ නෑ. නමුත් රටේ අනාගත ආර්ථික වර්ධනයට ඉතාමත් නරක විදියට මෙය බලපානවා.

අපිට මේ දින 51 නැතිවුණ ආර්ථික සංවර්ධනය නැවත ගොඩනඟා ගන්නට කාලයක් ගත වෙනවා. ආයෝජකයන්ගේ විශ්වාසය අපට නැතිවුණා. එම විශ්වාසය යළි ගොඩනඟාගත යුතු වෙනවා. මේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් තිබෙන බව ලෝකයට පෙන්වීමට අවශ්‍ය වෙනවා. අන්තර්ජාතික ප‍්‍රජාවගේ වගේම ආයෝජකයන්ගේ විශ්වාසය නැවතත් ගොඩනඟා ගැනීම අවශ්‍ය වෙනවා.

ලංකාවේ සංචාරක ව්‍යාපාරය ලෝක අවධානයට පාත‍්‍ර වී ලෝකයේ හොඳම ගමනාන්තයක් ලෙස නම්කර තිබියදී තමයි රටේ අස්ථාවරභාවය ඇතිවුණේ. සමහර රටවල් ශ‍්‍රී ලංකාව සංචාරයට නුසුදුසු රටක් ලෙස නම්කළා. සංචාරකයන් බොහෝ දෙනෙක් සිය ගමන් වාර අවලංගු කළා. අපට ලැබෙන්න තිබුණු විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් නැතිව ගියා.

මේ දින 51 කාලය තුළ ශ‍්‍රී ලංකාවේ රුපියලේ අගය සියයට තුනයි දශම අටකින් අවප‍්‍රමාණය වුණා. 2018 ඔක්තෝබර් මස 26 ඉඳලා දෙසැම්බර් මස 16 අතර කාලය තුළ භාණ්ඩාගාර සුරැකුම්පත් ඇමඕකානු ඩොලරඣ මිලියන තුන්සිය ෙ,ළහයි දශම නවයකුත් (312.9), භාණ්ඩාගාර බිල්පත් ඇමරිකානු ඩොලර් මිලියන විසිනවයයි දශම එකකුත් (29.1), භාණ්ඩාගාර බැඳුම්කර ඇමරිකානු ඩොලර් මිලියන විසිනවයයි දශම අටක් (29.8) වශයෙනුත් මුදල් රටෙන් එළියට ගියා.

මේ දවස් 51 කාලය තුළ අපේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන හත්දාස් නවසිය අනූඑකයි දශම පහේ (7991.5) සිට හයදාස් නවසිය අනූපහයි දශම හතර (6985.4) දක්වා පහළට ගියා.

රුපියලේ අගය අඩුවුණු නිසා අපි ශ‍්‍රී ලංකාවට ගෙන්වන අමුද්‍රව්‍යවල මිල ඉහළ යනවා. ඒ නිසාම අපේ නිෂ්පාදනවලත් මිල ඉහළ යනවා. මේක සංකීර්ණ කි‍්‍රයාවලියක්. ඒක කළමනාකරණය කරගෙන 2018 ඔක්තෝබර් 26 තිබුණ තැනටත් වඩා ඉහළ තැනකට රට ආපහු ගෙන යන එක අපේ වගකීම වෙලා තියෙනවා.

අපේ පළමු සහ වැදගත්ම කටයුත්ත රුපියලේ අගය ස්ථාවර කිරීමයි. අපි ඒ සඳහා පියවර ගෙන තිබෙනවා. රුපියලේ අගය ස්ථාවර කිරීම සඳහා සහය ලබාගැනීම පිණිස අපි රටවල් ගණනාවක් සමග සාකච්ඡුා පැවැත්වූවා. රටවල් කිහිපයක් අපට උදව් කරන්න කැමැත්ත පළකළා.

ඉන්දීය මහ බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 400 ක මුදලක් ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙත ලබාදීමට එකඟත්වය පළකර තියෙනවා. ඒ සාර්ක් රටවලට සලසන මූල්‍ය හුවමාරු (Currency Swap) පහසුකම යටතේ. තවත් ඩොලර් බිලියනයක් අපට ලබාදීම සම්බන්ධව ඉන්දියාව සැලකිල්ල යොමුකර තියෙනවා.

චීනයේ පැන්ඩා බැඳුම්කර හා ජපානයේ සාමුරායි බැඳුම්කර යටතේ ඇමරිකන් ඩොලර් මිලියන 500 ක් ලබාගැනීමට අපේක්‍ෂා කරනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමරිකන් ඩොලර් බිලියනයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපේ මුදල් ඇමැතිතුමා ලබන සතියේ වොෂින්ටන් නුවර දී මේ පිළිබඳ සාකච්ඡුාවන්ට සහභාගි වෙනවා.

මේ නිසා ඉතා ඉක්මනින් රුපියලේ අගය පහළ යෑම නතර කර ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජීවන වියදම අඩුකරලා ජනතාවට ජීවත් වීමට පුළුවන් විදිහේ පරිසරයක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

සංචාරක ව්‍යාපාරයේ වේගවත් වර්ධනයක් ඇති කෙරෙන සැලසුම් කි‍්‍රයාත්මක කරන්නටත් අප බලාපොරොත්තු වෙනවා. තාක්‍ෂණ කලාපවල කර්මාන්ත ශාලා පිහිටුවා අපනයන වෙළෙඳාම වර්ධනය කරන්නටත් කි‍්‍රයා කරනවා.

2018 ඔක්තෝබර් 27 වැනිදා සිට දින 51 ක් පුරා අපේ ආර්ථිකයේ ඇතිවූ දෙදරීම හා එතැනින් යළි නැගී සිටීමේ අභියෝගයට මුහුණදීම පිළිබඳව කරුණු කෙටියෙන් ඉදිරිපත් කරන මේ අවස්ථාවේ 2016 ඔක්තෝබර් 27 වැනිදා මම මේ ගරු සභාව හමුවේ කළ කතාවක දැක්වූ අදහසක් උපුටා දක්වන්නට කැමතියි.

වත්මන් ගෝලීය ගතිකයන් හා ශ‍්‍රී ලංකාව සතු ශක්තීන් හා අවස්ථා අප අවබෝධ කරගත යුතුයි. ඒ සියල්ලෙන් ප‍්‍රයෝජන ගත යුතුයි.

අප සියලූ දෙනාටම විවිධ පුද්ගලික මතවාද තියෙනවා. දේශපාලන අරමුණු තියෙනවා. නමුත් ඒ සියල්ලට ඉහළින්, අපේ රට ගැන සිතන්න කියා මා ඔබට යෝජනා කරනවා.

අතීතයට චෝදනා කිරීමෙන් පමණක් අනාගතය සරු කර ගන්නට බැහැ. දුර්වල හා වැරදි සහගත ආර්ථික සැලසුම් කි‍්‍රයාත්මක කිරීම නිසා අපේ රට මත පැටවී ඇති ණය බර ගැන සුසුම් හෙලූ පමණින් අනාගතය ගොඩනැංවෙන්නේ නෑ. ඒ සඳහා නිවැරදි සැලසුම් සකස් කරගත යුතුයි. උපාය මාර්ග නිර්මාණය කරගත යුතුයි. වෙහෙසිය යුතුයි. කැපවිය යුතුයි.

උපුටා ගැනීම අවසන්.

දින පණස්එකේ අස්ථාවරත්වය නිසා අපට වැඩි වැඩියෙන් වෙහෙසෙන්නට සිදු වෙනවා. වැඩි වැඩියෙන් කැප වන්නට සිදු වෙනවා. වැඩි වැඩියෙන් අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වෙනවා.

නමුත්, මේ සියලූ අභියෝග ජයගන්නට අප සූදානම්. මේ සියලූ අභියෝගයන්ට ශක්තිමත්ව මුහුණ දෙන්නට අප සූදානම්. දින 51 පුරා දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවා තබන්නට අප සූදානම්. එය ලේසි පහසු කාර්යයක් නෙවෙයි. නමුත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා ජනතා පරමාධිපත්‍යයට එල්ල වූ අභියෝගයන්ට මුහුණදී, යළිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජනතා පරමාධිපත්‍යය යළිත් ඉහළට ඔසවා තැබූ සේම අපි ආර්ථිකයත් ඉහළට ඔසවනවා.

එහිදී අපට අසීරුතා ඇති වේවි. දුෂ්කරතා මතුවේවි. නමුත් අපි ඒ සියල්ල මධ්‍යයේ ජනතා හිතවාදී අයවැයක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නට කැමැතියි.

අකිත පෙරේරා - රනිල් ධර්මසේන

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook