Featured News

Video Gossip

Advertisement

නිල කාර්යාල හෝ පහසුකම් ඇතත් නැතත් අපි ජනතාව වෙනුවෙන් විපක්‍ෂයේ කාර්යභාරය ඉටුකරන බව හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එ.ජා.ප. විරෝධී සියලු පක්‍ෂ එක්ව පුළුල් සන්ධානයකින් ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

විපක්‍ෂ නායක ධුරයට හිමි නිල කාර්යාල හෝ පහසුකම් කිසිවක් මෙතෙක් නොලැබුණත් ආණ්ඩුව ගෙන යන අන්ත දූෂිත හා මර්දනකාරී ක්‍රියා පිළිවෙත පරාජය කිරීම සඳහා ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු කාර්යභාරය නොපැකිළිව ඉටු කිරීමට තමා කැපවන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (04 දා)  බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි සිය කාර්යාලයේ නව වසරේ වැඩ කටයුතු ආරම්භ කරමිනි.

මෙම වර්ෂය මැතිවරණ වර්ෂයක් බැවින් ඒ සඳහා මුහුණදීමට තම කඳවුර ශක්තිමත් කර ගැනීම අත්‍යවශ්‍යව පවතින බවත් විශේෂයෙන්ම පසුගිය දින පනහේ ආණ්ඩුව තුළින් රටට දිනාදුන් ජයග්‍රහණ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම මේ මොහොතේ ප්‍රමුඛ කාර්යයක් බවත් විපක්‍ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා, “අපි ආණ්ඩුව භාර ගැනීම හොඳයි කියන කට්ටියත්, හොඳ නැහැ කියන කට්ටියත් ඉන්නවා. අපි අවුරුදු එකහමාරක් හිටියා නම් රටේ මොනවාද ඉතිරි වෙන්නේ. ගුවන්තොටුපළ, වරාය, බැංකු වගේ රටේ සම්පත් විකිණුවා. ඒ වගේම තවත් දේවල් විකුණන්න සූදානම් කරලා තිබුණේ. පෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න සූදානමක් තිබුණා. ශ්‍රීලනිපයත් ඒ අය එක්ක හවුලක හිටිය නිසා තුනෙන් දෙකක බලයක් ආණ්ඩුවට තිබුණා. දැන් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් එළියට ඇවිත් තියෙන එක අපි හැමෝගෙම ජයග්‍රහණයක්. 

අද රනිල් වික්‍රමසිංහ බොරු කියනවා. අපි බිලියන 8 ක් වියදම් කරලාලු. එහෙම වියදම් කරන්න තියා බිලියනයක්වත් මුදල් තිබුණේ නැහැ. ජනතාවට බොරු කියලා තමන්ගේ මල්ල තරකර ගන්න හදන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා” 

මේ අවස්ථාවට මහා සංඝරත්නය, දේශපාලන නායකයන් හා වෘත්තිකයන් පිරිසක්ද එක්ව සිටි අතර කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් මහතාද මෙහිදී විපක්‍ෂ නායකවරයා සමග සුහද සාකච්ඡාවක නිරත විය. 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා වශයෙන් පක්‍ෂය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපතිවරයාට තිබෙන බැවින් ජනාධිපතිවරයා එය ඉටුකරන බවත් මාධ්‍ය කළ විමසුමකට හෙතෙම පිළිතුරු දෙමින් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements