Advertisement

වසර 2009දී උතුරේ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා අනර්ඝ සේවාවක් කළ හිටපු ගුවන් හමුදාපති එයාර් මාෂල් රොෂාන් ගුණතිලක සහ නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහත්වරුන්ට ෆීල්ඩ් මාෂල් පදවි පිරිනැමීමට තීරණයක් ගෙන ඇතැයි ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග කියයි.

ෆීල්ඩ් මාෂල් පදවි පිරිනැමීම සඳහා නිත්‍යනුකූල බලය ඇත්තේ මෙරට සේනාධිනායක ලෙස ජනාධිපතිවරයාටය. පසුගිය කාලයේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට යුද්ධයේදී කළ සේවාව වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් පදවියක් පිරිනැමීය. යුද්ධය ජයගැනීමේ කාර්යයේදී තවත් සුවිශේෂී මෙහෙවරක් කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය රජය සමයේ යුද හමුදාවේ ගෞරවනීය ඉහළම නිලයක් ප්‍රදානය සඳහා යෝජනා විය. එහෙත් ගෝඨාභය රජපක්ෂ මහතා එම ගෞරවනීය නිලය භාරගැනීම ප්‍රතික්ෂේප කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements