Advertisement

පසුගිය වසරේ (2018) දෙසැම්බර් 31 වැනිදායින් පසුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ජාතික ගමනාගමන කොමිසම ගත් තීරණය, අත් හිටුවීම සම්බන්ධයෙන්  දැඩි විරෝධය නැවත පළකරන බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒම සංමය පවසන්නේ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව තුල පවතින ගැටලු හේතුවෙන් මගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව තිබෙන අන්තර් පළාත් බස් සේවාවක් ලෙස ක්‍රියාත්මක වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට රජය විසින් වහාම කටයුතු කළ යුතු බවත් මෙම සේවාවන් වහාම අත්හිටුවීම තුළින් දුර ගමන් සේවා භාවිතා කරන මගී ජනතාවට ඉහල මට්ටමේ ප්‍රවාහන සේවයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවයි.

ඒම මාධ්‍ය නිවේදනය පහතින්

මාධ්‍ය නිවේදනයයි


අර්ධ සුඛෝපභෝගී තහනම බහිරවයන් ගිලියි!

පසුගිය වසරේ (2018) දෙසැම්බර් 31 වැනිදායින් පසුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ජාතික ගමනාගමන කොමිසම ගත් තීරණය, අත් හිටුවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය දැඩි විරෝධය නැවත පළකරනෙමු.

විශේෂයෙන් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව තුල පවතින ගැටලු හේතුවෙන් මගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව තිබෙන අන්තර් පළාත් බස් සේවාවක් ලෙස ක්‍රියාත්මක වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට රජය විසින් වහාම කටයුතු කළ යුතු බව නැවත අප අවධාරණය කරන අතර මෙම සේවාවන් වහාම අත්හිටුවීම තුළින් දුර ගමන් සේවා භාවිතා කරන මගී ජනතාවට ඉහල මට්ටමේ ප්‍රවාහන සේවයක් ලබාදීමට කටයුතු කරන ලෙසත් අප ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිමු.

මේ පුවත සම්බන්ධයෙන් ඔබ ආයතනය දක්වන සහයෝගය අගයකර සිටිමු. 

ස්තුතියි,
මීට,
විශ්වාසී,

විමුක්ති දුෂාන්ත,
කැඳවුම්කරු,
සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය
(0715399847)


ගැමුණු පරණවිතාන,
ලේකම්,
සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements