Advertisement

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොතෙක් කල් තම පාර්ශ්වය සමඟ කටයුතු කරයිදැයි තමන් නොදන්නා නමුත් ඒකාබද්ධ විපක්ෂය ලෙස තම කණ්ඩායම ආණ්ඩු විරෝධීව සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති එජනිස මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදී නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඉදිරියේදී කුමන සන්ධානයක් බිහි වුණත් එහි නායකයා මහින්ද රාජපක්ෂ මහතා විය යුතු බව කුමාර වෙල්ගම මහතා අවධාරණය කළේය. එම සන්ධානයේ ජනාධිපතිවරයාගේ භූමිකාව කුමක් විය යුතුදැයි තමන් නොදන්නා මුත් ජනතාව ආකර්ෂණය කරගැනීමේ හැකියාව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

එසේම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රීලනිපයට කරන බලපෑම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී කිසිවක් සාකච්ඡා නොවුණු බව පැවසූ ඒ මහතා චන්ද්‍රිකා මහත්මියගේ නමක් හෝ සඳහන් නොවුණු බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා එක්ව සන්ධානයක් ගොඩනැඟීමට යෝජනා වී ඇති බැවින් එය ඉදිරියට ක්‍රියාත්මක වනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LNW

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements