Advertisement

ලංගම බස් ඇණියට මෙම වසර තුළ දී නවීන බස් රථ 1,000 ක් එක් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. 

“පාපුවරුව පහළින් තියෙන වායුසමීකරණය කරන ලද හයිබ්‍රිඩ් බස්රථ දාහකුත් සහ සාමාන්‍ය ඩීසල් බස් රථ දාහකුත් ගේන්න බලාපොරොත්තු වෙනවා. අඩුම තරමින් මේ වසර තුළ නවීන පන්නයේ බස් රථ 1,000 ක් ගේන්න වැඩපිළිවෙලක් සකස් කරනවා.“

“ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බස් රථ 500 ක් ගෙන්න දැනටමත් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ඒකෙන් ආසන 54-56 බස් රථ 400 ක් සහ ආසන 36 බස් රථ 100 ක් වශයෙන් ඉන්දියාවෙන් ලේලන්ඩ් හෝ ටාටා වර්ගයේ බස්රථ මේ වසරේ ජූනි ජූ ලි වෙද්දී එයි.“

මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් මෙම මධ්‍ය හමුවේ දී පැවසුවේ පානදුරේ සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්ර්ය මාර්ගයක් ස්ථාපිත කිරීමට ආසියානු සංවර්ධ බැංකුවෙන් මේ වන විට ණය ආධාර ලැබී ඇති බවයි.

“කැලණිවැලි දුම්රිය මාර්ගය නව ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත්කරනවා. පානදුරේ සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්ර්ය මාර්ගයක් ඇති කරන්න සහ එය රඹුක්කන දක්වා දීර්ඝ කරන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600 ක් ලැබිලා තියෙනවා. ඩොලර් මිලියනයක් ලැබුණා ශක්‍යතා වාර්තාව කරන්න ආධාරයක් වශයෙන්. තව වසර කිහිපයක් ඇතුළත ලංකාවට විදුලි දුම්රියක් එන බව විශ්වාස කරනවා.“

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements