Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

කේට් කුමරියට තෙවන දරු උපතටත්
උපදෙස් දුන් ලංකාවේ වෛද්‍යවරිය

දේශපාලනය, සෞඛ්‍ය සේවය, කලාව, ක්‍රීඩාව සහ සමාජ සේවය වැනි විවිධ අංශවලින් රට වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් ඉටු කළ පුද්ගලයන් හට වාර්ෂිකව සම්මාන ප්‍රදානය කිරීම බ්‍රිතාන්‍යයේ මහ රැජින මූලිකත්වයෙන් සිදු කරනු ලබන සාම්ප්‍රදායික කාර්යයකි.

නව වසරේ එම සම්මාන නාම ලේඛනයේ තම නම සනිටුහන් කර ගැනීමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ ටෘඩි නිමාලි සෙනවිරත්න මහත්මිය සමත්ව තිබෙනවා. සෞඛ්‍ය අංශයෙන් බ්‍රිතාන්‍යයට සිදු කළ සේවය අගයමින් ඇයට මෙම සම්මානය ප්‍රදානය කිරීමට නියමිත වේ.

ඇය ශ්‍රී ලංකාවේ උපත ලබා සත් හැවිරිදි වියේදී එංගලන්තයට පැමිණ ඇත්තේ සිය වෛද්‍ය පියා හා හෙදියක වන මව සමඟයි. එතැන් පටන් එංගලන්තයේ දිවි ගෙවන ඇය, ද්‍ය විද්‍යාව හා සබැඳි රැකියාවක් තෝරා ගන්නේ ද්‍යවරයකු වන පියාගේ මග පෙන්වීම යටතේ ය. එසේ නමුත් මනෝ ද්‍යවරියක වීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා සිය පියාගේ ආශිර්වාදය ලබා ගැනීම ඇයට බෙහෙවින් අසීරු කාර්යයක් විය. සිය සිහිනය වෙනුවෙන් පියා සමග බොහෝ තර්ක විතර්ක කිරීමට ඇයට සිදු වූවාය. මන්දයත් ඇයගේ පියාට අවැසි වූයේ සිය දියණිය මනෝ චිකිත්සකවරියක් නොව ද්‍යවරියක වනවා දැකීමට ය.

කෙසේ හෝ තම අභිප්‍රාය මුදුන් පත් කර ගැනීම සඳහා ලන්ඩනයේ පිහිටි ශාන්ත බර්තලෝමියු විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරණ ඇයට, සිය ශිෂ්‍ය ජීවිතයේ දී කටයුතු කිරීමට ලැබෙන්නේ, තම රෝගීන් පිළිබඳ හොඳින් සොයා බලමින් ඔවුන් හා කාලය ගත කරන ද්‍යවරුන් පිරිසක් සමඟය.ඒ ආභාසය ඔස්සේ පන්නරය ලබන ඇයද අද වන විට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ජයකෙහෙළි නංවා අවසානය.

ඇය අද වන විට ගර්භනී අවස්ථාවේදී, දරු උපතේ දී සහ උපතින් පසුව කාන්තාවන්ගේ මනෝ සෞඛ්‍ය වෙනුවෙන් මෙන්ම දරුවන්ගේ මනෝ සෞඛ්‍ය වර්ධනය උදෙසා ද කටයුතු කරන (Perinatal Psychiatrist) විශේෂඥ ද්‍යවරියකි. ඇය එම ක්ෂේත්‍රය සඳහා සිදු කළ සේවය වෙනුවෙන් මහා බ්‍රිතාන්‍යයේ දී සම්මානයට පාත්‍ර වීමට නියමිතය. තවද, ඇය මොඞ්ස්ලි ජාතික සෞඛ්‍ය පදනමේ විශේෂඥ මනෝ චිකිත්සකවරියක් ලෙස ද කටයුතු කරමින් සිටින්නීය.

මීට අමතරව කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය වන කේට් මිඞ්ල්ටන් කුමරිය හට, 36 වැනි වියේදී ඇයගේ තෙවන දරු උපත සිදු වන ගර්භනී සමයේදී මානසික සෞඛ්‍ය පිළිබඳ උපදෙස් ලබා දී තිබෙන්නේ මනෝ ද්‍ය ටෘඩි සෙනවිරත්න මහත්මිය වීම ද විශේෂත්වයකි. රාජකීය චිකිත්සක සංගමයේ සභාපතිවරිය ද වන මනෝද්‍ය ටෘඩි සෙනවිරත්න මහත්මිය කේට් කුමරිය හමුවේ පැවසුවේ, දරුවෙකු ඉපදීම කාන්තාවකගේ ජීවිතයේ සතුටුම කාලපරිච්ෙඡ්දය වුව ද සමහරක් කාන්තාවන් හට එය එසේ නොවන බවය. ඇයගේ පර්යේෂණ වාර්තාවන්ට අනුව මව්වරුන් සතරදෙනකුගෙන් එක් අයකුට ගර්භනී සමයේ දී හෝ දරු උපතින් පසුව මානසික ගැටලූවලට මුහුණ දීමට සිදු වන බවත් ඇය එහිදී වැඩිදුරටත් පැවසුවා ය.

ඇයගේ විෂය පඨයට මවගේ හා දරුවාගේ මනෝ සෞඛ්‍ය පමණක් නොව දරුවාගේ පියාගේ මානසික සෞඛ්‍ය ද ඇතුළත් වේ. ඇය මූලිකව මනෝ චිකිත්සකවරියක් වුවද ඇය ඇයගේ ක්‍ෂේත්‍රය පිළිබඳව බොහෝ ලෙස අධ්‍යනය කර තිබෙන අතර මනෝ විද්‍යා පර්යේෂණයන්ට අත්පොත් තබන්නට ඇයට ගුරුහරුකම් ලබා දෙන්නේ මහාචාර්ය චන්නි කුමාර් මහතාය. ඊට අමතර ව මෙම විෂය ක්‍ෂේත්‍රය තෝරා ගැනීම සඳහා ඇයව යොමු කරන්නේ ද ඒ මහතාය.ඔහු විසින් 1979 වර්ෂයේ ආරම්භ කරන ලද ඒකකයේ ඇය අදටත් සේවය කරමින් සිටී. 

1996 වසරේ සිට අද දක්වා පර්යේෂණවල නිරත වෙමින් සිටින ඇය, 2000 වසරේ දී මහාචාර්ය චන්නි කුමාර් මහතා ජීවිතයෙන් සමුගන්නා විට ඔහුත් සමඟ වසර තුනක පමණ කාලයක් පර්යේෂණ කටයුතුවල නිරත ව සිට ඇත. එම කෙටි කාල සීමාව තුළදී ඇය මහාචාර්ය චන්නි කුමාර් මහතා හා එකතුව රටවල් දහයක රෝගීන් යොදා ගනිමින් දරු ප්‍රසූතියෙන් පසුව ඇති වන විෂාද තත්ත්වය පිළිබඳව පුළුල් පර්යේෂණයක් සිදු කර තිබේ. ඊට අමතරව මානසික ව්‍යාධීන් සහිත කාන්තාවන් ආරක්ෂිතව සිය දරුවන් හදාවඩා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඇය පර්යේෂණ සිදු කර ඇත.

තවදුරටත් ඇය පවසන්නේ මීට අවුරුදු තුන හතරකට ඉහත දී එංගලන්තයේ මව්වරුන් හට ගර්භනී සමයේ හා ඉන්පසුව ඇති වන ගැටලූ සඳහා ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන් හිඟ වුවද අද වන විට එම තත්ත්වය වෙනස් වී ඇති බවය. 

ඇය සිය පර්යේෂණ ඔස්සේ කටයුතු කරමින් සිටින්නේ බ්‍රිතාන්‍යයට පමණක් නොව තම ක්‍ෂේත්‍රය පිළිබඳව මුළු ලෝකයාට ම අලූත් යමක් ලබා දීමටය. ඇයගේ අරමුණ වන්නේ ගර්භනී සමයේ හා ඉන්පසුව මානසික සෞඛ්‍යයට මූලිකත්වය ලබා දී කටයුතු කිරීමේ වැදගත්කම ලෝකයා හමුවේ ඉදිරිපත් කිරීමටය.

කියවීම, සංගීතයට සවන් දීම විනෝදාංශ කර ගත් ඇය සිය පුතුන් දෙදෙනාත් සමඟ සිය වෘත්තීය ජීවිතය හා පවුල් ජීවිතය සමබරව පවත්වා ගනිමින් සිටී. ඇයගේ පියා වන ද්‍ය කේ. ඞී. සෙනවිරත්න මහතා මීට අවුරුදු 16 කට පෙර මෙලොව හැර ගියද ඇයගේ මව වන ලීනා සෙනවිරත්න මහත්මිය තවමත් ඇය සමඟ දිවි ගෙවන්නීය.

ලක් දියණියක් වන මනෝද්‍ය ටෘඩි නිමාලි සෙනවිරත්න මහත්මිය බ්‍රිතාන්‍යයේ මනෝද්‍ය ක්‍ෂේත්‍රයේ තරුවක්ව බැබළීම සහ බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින අතින් සම්මානයට පාත්‍ර වීම ශ්‍රී ලාංකික අපට ද මහත් වූ ආඞ්ම්බරයක් වනු ඇත.

- උපුටා ගැනීමකි -

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook