Advertisement

ජනතාවගේ ලේ උරාබොන මහජන මුදල් හොරා ගන්න දේශපාලකයන්ට විරුද්ධව ඉදිරියේ දී දේශපාලන සංවිධානයක් බිහි කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන සුප‍්‍රකට අරලිය ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි. මෙම නව සංවිධානය බිහි කරනු ලබන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ බවද ඔහු සඳහන් කළේ නව පොහොර කර්මාන්තශාලාවක් බිහිකිරීම සඳහා විදෙස් ආයෝජකයන් සමග ගිවිසුම් අත්සන් කිරීම සඳහා පැවති උත්සවය අවස්ථාවක් අමතමිනි.

ජනතාවට කලට වේලාවට පොහොර ටික වත් ලබා දිය නොහැකි පාලකයන් සමඟ ජනතාවට මෙතෙක් වැඩ කරන්නට සිදුව තිබූ බවද ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේය.කොළඹ මහ ලොකු ඉස්කෝල වල ගිය අය රට කා දැමූ බවත් තමන් පොලොන්නරුවේ ඉස්කෝලේ ගිය බව කියා සිටින බවත් එය අනිවාර්යෙන්ම විකාශය කරන ලෙසත් ඔහු මාධ්‍ය ආයතනවලින් දීමක්ද කළේය. මහජන මුදල් හොරා කෑ උන්ගේ ගෙවල් වලට ගිහින් කනෙන් ඇදන් වීමට තමන් අදහස් කර සිටින බවද සිරිසේන මහතා එහිදී කියා සිටියේය. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ද දැඩි විරෝධය දක්වමින් අදහස් පළ කළ ඔහු තම සහෝදරයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විරුද්ධ වුවද තමන්ගේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද ඔහු තදින් කියා සිටියේ ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements