Advertisement

බි‍්‍රතාන්‍යයේ දෙමළ ජාතිකයන්ට මරණ තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් විනෝත් ප‍්‍රියන්ත පෙරේරා සහ පල්ලියගුරුගේ නමැති සිංහලයන් දෙදෙනා බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහිව වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ඉල්ලා ඇත.

මෙම නඩුව ජනවාරි 21 දා (හෙට) විභාගයට ගැනීමට තීරණය වී තිබේ.

එහෙත් බි‍්‍රගේඩියර්වරයා නඩුවට පෙනී සිටීම ප‍්‍රතික්‍ෂේප කර ඇත. මේ නඩුව විභාග වන අවස්ථාවට පැමිණෙන ලෙස කොටි ඩයස්පෝරාව බි‍්‍රතාන්‍යයේ ඊලම්වාදීන්ගෙන් ඉල්ලා තිබේ.

ඩයස්පෝරා ක‍්‍රියාකාරිකයකු වූ මජුරන් සතානන්දන් විසින් ද මෙවැනිම නඩුවක් වෙස්ට්මිනිස්ටර් අධිකරණය ඉදිරියේ පවරා තිබේ.

වන්නි මෙහෙයුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුට එරෙහිව විදේශයකදී පැවරූ දෙවැනි නඩුව මෙයයි.

මෙම නඩුව සඳහා බි‍්‍රතාන්‍ය චැනල් ෆෝ රූපවහිනියේ වීඩියෝ පට සාක්කි ලෙස ඉදිරිපත් කර තිබේ.

රටින් පිටත ඊළම් ආණ්ඩුව නමැති සංවිධානය බි‍්‍රගේඩියර්වරයාට එරෙහි නඩු සඳහා ලන්ඩන් නුවර ඉහළම මුදලක් අයකරන නීතිවේදීන් දෙදෙනකුගේ සහාය ලබාගෙන ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements