Advertisement

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීම සඳහා සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බවට තොරතුරු ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

තමන් ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු නොදන්නා බවත් ඒ පිළිබඳව කුමක් සිදුවුවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය. එනම් එතුමියගේ සමයේදී එජාපයට විශාල පරිහානියක් සිදුකළ බව එජාපය අමතක නොකළ යුතු බවද ඔහු කීය.

කෙසේ වෙතත් දැනගන්නට ඇති පරිදි ඇය පාර්ලිමේන්තුවට ගැනීම සඳහා පුරප්පාඩුවක් ඇති කිරීමට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දෙදෙනකුගේ නම් යෝජනා වී ඇති බවත් ඉන් එක් මන්ත්‍රීවරයකු කැමැත්ත මත ඉවත් වීමට තීරණය කර ඇති බවත් නිල නොලත් ආරංචි මාර්ග සදහන් කරයි.

(දේශය)

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements