Featured News

Video Gossip

Advertisement

මම මුහුනු පොතේ ඇයත් එක්ක නිතරම chat කරනවාලු
මගේ ජීවිතේ විශේෂම කෙනා අද මගේ ළග නෑ - සුරාජ් මාපා
කලාකරුවන් විදියට අපිට, අප වටා ඉන්නා රසික පිරිසත් එක්ක හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න සිදු වෙනවා. ඒත් කාර්ය බහුලත්වයත් එක්ක අපිට හැම රසිකයෙකුටම පෞද්ගලිකව කතා කරන්න හෝ ලියුම් ලියන්න ලැබෙන්නේ නැහැ. මේ නිසා අද කා‍ලේ ඒ සබඳතා පවත්වා ගැනීම සඳහා යොදා ගන්න පුළුවන් විකල්පය තමයි මුහුනු පොත කියන්නේ. හඳුනන නාඳුනන කවුරු මුහුනු පොත හරහා මට Massage කළත් මම ඔහුට හෝ ඇයට Massage එකකින් පිළිතුරු දෙනවා. හැබැයි මම එහෙම කරන්නේ ඒ කෙනා මා එක්ක සුහදශීලී රසිකයකු හෝ රසිකාවියක් විදියට කතාකරන තුරු විතරයි. මොකද තමන්ගේ දේශපාලන මතවාද අනිත් අයගේ ඔළුවට දාන්න හදන අයත් ඔය අතර ඉන්නවා. ඒ වගේම ආදර යෝජනා ගෙන එන අයත් ඉන්නවා. මගේ මුහුනු පොත ගිණුමේ ඉන්න කවුරු හරි ඒ වගේ කියලා වැටහුණ හැටියේම මම එයාව block කරනවා. එහෙම කළත් මුහුනු පොත එකේ මගේ නමින් පෙනී සිටින පුද්ගලයන් හදපු ව්‍යාජ මුහුනු පොත ගිණුම් හින්දා මට විවිධාකාර ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වූ අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා.

එක දවසක් මම මහරගම මගේ නැටුම් පන්තිය පවත්වමින් ඉන්නා අතරතුරේ එක්තරා කාන්තාවක් මාව හමුවෙන්න ආවා. මමත් ඇය සමග සුහදව කතා කළා.
“මම එව්ව තෑග්ග ලැබුණද ….?”
ඇය ඒ විදියට මගෙන් ඇහුව්වම මට පුදුම හිතුණා. මොකද මේ තැනැත්තිය මට මීට කලින් ජීවිතේට මුණ ගැහිලා තියෙන කෙනෙක් ‍නෙවෙයි. මම ඒ ගැන වැඩිදුර තොරතුරු අහද්දී ඇය කියනවා මම මුහුනු පොත එකේ ඇයත් එක්ක නිතරම chat කරනවාලු. ඒ විතරක් ‍නෙවෙයි අපි දුරකථනයෙන් කතා කරලත් තියෙනවාලු. මම ගොඩක් කලබල වුණේ ඇය මගේ බැංකු ගිණුමට පවා මුදල් දැමූ බව ඇය කියද්දියි. ඒ වෙලාවේ මම ඇගෙන් ඒ ගිණුම් අංකය විමසුවා. බලාගෙන යද්දී ඒ මගේ ගිණුම් අංකය ‍නෙවෙයි. මේ තැනැත්තිය මුහුනු පොත එකේ සැරිසරන බොරු “සුරාජ් මාපා” කෙනෙකුට රැවටිලා. මම ඇයට ඇත්ත පැහැදිලි කරලා ඇයව පිටත් කර හැරියා. ඊට පස්සේ කවදාවත් ඒ තැනැත්තිය මට මුණ ගැහුණේ නැහැ.
තවත් දවසක් ඔය විදියේ තවත් දරුණු සිදුවීමකට මට මුහුණ දෙන්න සිද්ධ වුණා. එදා මගේ මිතුරෙක් අහම්බෙන් මුණ ගැසිලා මගෙන් මෙන්න මෙහෙම ඇහුවා. “ඔයා බඳින්න් යනවා නේද ..? ඔයා බඳින ගෑනු ළමයගේ නෑදෑයෙක් ඉන්නව මගේ යාළුවෙක්. එයා තමයි මට ආරංචිය කිව්වේ. ඉතින් කවදද වෙඩින් එක ?”
ඔහු අහපු ප්‍රශ්නවලට මට උන්හිටිතැන් අමතක වුණා. ඒ වෙලාවේම මම ඔහුගේ යාළුවගේ ඒ කියන්නේ මම බඳින්න යනවා කියන ගෑනු ළමයගේ ඥාතියගේ තොරතුරු ඔහුගෙන් ඇහුවා. ඊට පස්සේ මම එයාට කතා කරලා සිද්ධියේ අගමුල ඇහුවා. බලාගෙන යද්දී ඒකටත් මුල් වෙලා තියෙන්නේ මුහුනු පොත එකේ මගේ නමින් පෙනී සිටින වංචාකාරයෙකුගේ කපටි වැඩක්. අර කියන ගෑනු ළමයා මුහුනු පොත හරහා කියන ව්‍යාජ සුරාජ් මාපා එක්ක හිතවත් වෙලා විතරක් ‍නෙවෙයි ප්‍රේමයකුත් ගොඩ නගාගෙන. අන්තිමට මට මේ ප්‍රශ්නය විසඳන්න සෑහෙන වෙහෙසක් දරන්න සිදු වුණා.
මුහුනු පොත එකේ මගේ නමින් පෙනී සිටින මේ වගේ වංචාකාරයෝ හින්දා මම විතරක් ‍නෙවෙයි තවත් බොහෝ අය අපහසුතාවට පත්වෙනවා. හැබැයි ඉතින් මේ වගේ වෙලාවේ මම කියන්න කැමතියි මේ වගේ බොරුකාරයන්ට රැවටෙන අයත් මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනෑ කියන එක. ඉන්දියාවේ ෂාරුක් ඛාන්ලා වගේ ජනප්‍රිය නළු නිළියන් නමින් කොයි තරම් ව්‍යාජ මුහුනු පොත ගිණුම් ඇද්ද? එහෙම තිබුණ කියලා ඒ රටවල අය ඒවාට මේ වගේ රැවටෙන්නේ නැහැනේ. කලාකරුවන් නමින් කවුරු හරි chat කළාට, කවුරු හරි call කළාට මේ ඇත්තම කෙනාද කියලා හරියටම නොසොයා මේ වගේ මෝඩ වැඩ කරන්න එපා කියලා මම රසික රසිකාවියන් හැමෝගෙන්ම ඉල්ලන්න කැමතියි.
හරියටම පාවිච්චි කරනවා නම් මුහුනු පොත කියන්නේ නරක දෙයක් ‍නෙවෙයි.
මුහුනු පොත නිසා හොඳ දේවලුත් මට සිද්ධවෙලා තියෙනවා. ගොඩක් හොඳ අය මට මුහුනු පොත හරහා මුණ ගැහිලත් තියෙනවා. මුහුනු පොත හරහා මට මුණ ගැහුණු විශේෂිතම කෙනාවත් මට මේ වෙලාවේ මතක් වෙනවා. එයාව හඳුනාගත්තේ මමම දාපු මුහුනු පොත එකකින් ගොඩ නගා ගත්ත දැන හැඳුනුම් කමක් මත. කාලයත් එක්ක අපි ගොඩක් ළං වුණා. හැබැයි දැන්නම් අපි ඈත් වෙලා. ඒක සුන්දර මතකයක් විතරයි.
චන්ද්‍රලතා තන්ත්‍රිගේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements