Featured News

Video Gossip

Advertisement

ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්වීම නතර කිරීම සඳහා මුස්ලිම් සහ හින්දු ආගමික අමාත්‍යවරුන් එක්ව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා කොළඹදී පැවැසීය.

ශිෂ්‍යත්වය, අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ සහ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාග සඳහා දහම් පාසල් සහතිකය මගින් ලකුණු හිමි වන පරිදි කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා සිදුකර ඇති බව පැවසූ ජයවික‍්‍රම පෙරේරා මහතා ඒ අනුව ඉහත විභාගයන් සඳහා ලකුණු 10 බැගින් ප‍්‍රදානය කරන බවද සඳහන් කළේය.
ඉරිදා දිනවල පස්වරු දෙක දක්වා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන් ම තහනම් කිරීමට මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements