Advertisement

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් සමුගෙන වසර තුනකටත් වඩා ගෙවී ගොස් අවසන් බවත් මේ කණ්ඩායම නැවත ගොඩ නැගීමේ කාලය නොවන බවත් ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග සඳහන් කරයි.

නවසීලන්තය හා පැවැත්වෙන  පළමු එක්දින තරගය ආරම්භ කිරීමට මත්තෙන් ඊයේ (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

“දැන් නැවත ගොඩ නැගිමට කාලය නෙමෙයි. ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් විශ්‍රාම ගෙන දැන් වසර හතරකටත් වඩා වැඩියි. ඊළඟ ලෝක කුසලානය මේ වසරේදී එනවා. දැන් අපිට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ කවුද කියලා හොයන්න වෙනවා.

අපේ නවක ක්‍රීඩකයන් ගොඩක් අවස්ථා ලබා ගත්තා. දැන් ඔවුන්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න කාලය ඇවිල්ලා.

ලෝක කුසලානයට පෙර අපිට තරග අටක් තිබෙනවා. මේවා අපි ලෝක කුසලානයේදී මුහුණ දෙන තත්ත්වයන්ට සමානයි. ඉතින් එකතු වෙලා මේ තත්ත්වයන්ට අපි අනුගත විය යුතුයි.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements