Featured News

Video Gossip

Advertisement

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා තමන් ආරම්භ කළ “හොට් හට්” ව්‍යාපාරයේ පළමු මාසය තුළ පමණක් තමන්ට ලාභය ලෙස රුපියල් ලක්ෂ 24ක් ලැබුණු බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝශන් ප්‍රේමරත්න මහතා පවසයි.

එවන් සමහර හට් වලින් දිනකට රුපියල් 2000 – 4000 දක්වා ලාභ ලැබුණු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහාමාර්ග අළුත්වැඩියාව ආරම්භ කිරීම නිසා තම ව්‍යාපාරය අඩාල වූ බව මන්ත්‍රීවරයා සඳහන් කරයි. මාර්ග අළුත්වැඩියාව නිසා එක් පසකින් දුහුවිල්ලත් අනෙක් පසින් මාර්ගය අයිනේ වාහන නතර කිරීමට නොහැකි වීමත් නිසා ව්‍යාපාරයට බලපෑම් එල්ල වූ බැවින් තමන් සිය වැඩිමල් සහෝදරයාට ව්‍යාපාරය භාරදුන් බවත් අද ඔහු එක් වඩේ කඩයක් පමණක් පවත්වාගෙන යන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එසේම තමන් දැනට වෙළඳ ප්‍රචාරණ ආයතනයක් පවත්වාගෙන යන බවත් ඉන් මාසයකට රුපියල් ලක්ෂ 50 – 60 පමණ ආදායම් ලැබූ කාලයක් ද තිබුණු බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

එහෙත් මෙතරම් මිලියන ගණනින් මාසිකව ලාභ ලැබූ ව්‍යාපාර කළත් තමන් සතුව කිසිදු වත්කමක් නොමැති බව ද ඒ මහතා පවසයි.

නිරෝශන් ප්‍රේමරත්න මහතා මේ අදහස් පළ කර තිබුණේ “ඉරිදා ලංකාදීප” පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.

එම ප්‍රකාශ අනුව වඩේ විකුණා මසකට රුපියල් ලක්ෂ 24ක් ලාභ ලැබූ යුගයේ ම නිරෝශන් ප්‍රේමරත්න මහතා ස්වාධීන රූපවාහිනී ආයතනයේ මසකට රුපියල් 40,000ක පමණ වැටුපකට සේවය කර තිබේ. එකී රුපියල් ලක්ෂ 24 බැගින් මාස්පතා ලැබූ ලාභයට ඒ මහතා ආදායම් බදු ගෙවා ඇතිද යන ප්‍රශ්නය මතුවේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements