කෙල්ලො කොල්ලො රැගුම් පෙන්නන Tik Tok තහනම් කිරීමට යන රට මෙන්න
gossip
,
gossip lanka
,
News
,
Tik Tok
,
Tik Tok sri lanka
රටේ තරුණ ප්‍රජාව අතර සංස්කෘතිකමය වටිනාකම් විනාශයට පත්වන බැවින් චීන සමාජජාල මාධ්‍යක් වන Tik Tok තහනම් කිරීම සදහා සිය රජයේ අවධානය යොමුවී ඇතැයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ අමාත්‍ය එම්. මානික්කනාදන් මහතා ප්‍රකාශ කරනවා.
ඉන්දියාවේ ද හින්දු පුවත්පත වෙත ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
දෙමළ සංස්කෘතියට සම්බන්ධ කරුණු වලදී මෙම සමාජජාල මාධ්‍ය හරහා දරුණු හානි සිදුවූ බව එහිදී අමාත්‍යවරයා පැහැදිලි කර ඇත.
කලකට ඉහතදී දැඩි ලෙස කතාබහට ලක්වූ බ්ලූවේල් ක්‍රීඩාව තහනම් කලා සේම මෙම සමාජජාල මාධ්‍යයද තහනම් කල යුතු බවයි තමිල්නාඩු ප්‍රාන්ත රජයේ මතය වී ඇත්තේ.ලොව පුරා මිලියන 500කට වඩා වැඩි මාසික සක්‍රීය භාවිත කරන්නන් සංඛ්‍යාවක් Tik tok සමාජජාල මාධ්‍ය සහ සම්බන්ධ වී සිටියි.

