Featured News

Video Gossip

Advertisement

2018 නොවැම්බර් මස 05 දා පන්නිපිටිය ප‍්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පොලිස් නිල ඇදුම් ඇදගෙන කඩා වැදී කෝටි 700ක දියමන්තියක් පැහැර ගෙන යාමේ කොල්ලයට සම්බන්ද වූවෙකු පොලීසිය විසින් අද දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙකු බවත් ඩුබායිහි සිට අදාල සොරකම මධුෂ් විසින් මෙහෙයවද්දී මෙරට සිට එය සම්බන්ධීකරණය කරන ලද්දේ අත්අඩංගුවට ගන්නා ලද ‘වෙඩිකන්දේ කසුන්’ නම් මෙම පාතාල සාමාජිකයා යයිද සදහන්ය.

ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු මෙම දියමන්තිය මිලදීගන්නට පැමිණි අවස්තාවේදී කොල්ලය සිදුව ඇති අතර විදේශිකයාටද මාංචු දමා ගෙන ගොස් මහරගම නගරයේ අතහැර දමා ගොස් තිබිනි.

රංගන ශිල්පී රයන් වැන්රයන් විසින් මෙම දියමන්තිය ඩුබායි වෙත ගෙන යන්නට ඇති බවට ලද තොරතුරක් මත පොලීසිය විසින් ඔහුගෙන්ද දැනට සති කිහිපයකට පෙර ප‍්‍රශ්න කර තිබින.

එහිදී රයන් වැන්රයන් සදහන් කර ඇත්තේ තමන් මාකදුරේ මධුෂ් දැකලාවත් නැති බව වුවද ඊට ටික දිනකට පසු මධුෂ් විසින් ඩුබායිහි පැවති සාදයේදී ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements