Featured News

Video Gossip

Advertisement

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂර මහතා අද (20) දින ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ. 

මෙම සාකච්ඡාව පැවැත්වූයේ කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිලනිවසේදීය. 

සංගමයේ විධායක නිලධාරීන් කිහිප දෙනෙක් සහ හිටපු අමාත්‍යවරුන් ව ගාමිණී ලොකුගේ,සුසිල් ප්‍රේම්ජයන්ත් සහ මහින්දානන්ද අළුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන මහතාද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියේය.

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම, ග්‍රාම සේවා නිලධාරී ශ්‍රේණි ක්‍රමයේ නොවිසඳුනු ගැටළු, වැටුප් විෂමතාවයන් වැනි කරුණු පිළිබඳව ඔවුහු විපක්ෂ නායකවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම ප්‍රශ්න විසඳා ගැනීම සඳහා පසුගිය අවුරුදු 04 ක කාලය පුරාම ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කළද මෙම ප්‍රශ්න විසඳා දෙන බවට පොරොන්දු වුවද මෙම ගැටළු තවමත් නොවිසඳී පවතින බව ඔවුහු ප්‍රකාශ කර තිබේ.

පසුගිය ඔක්තෝබර් 26 දින පත්වූ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරය දැරූ ආණ්ඩුව යටතේ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා විසින් ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවට අනුමැතිය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රකාවක් ඉදිරිපත් කරනු ලැබූවද දින 51ට පසුව එම ආණ්ඩුව වෙනස් වූ නිසා පසුව පත්වූ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය විසින් එම අමාත්‍ය මණ්ඩල සංදේශය අනුමත නොකළ බවද ඔවුහු විපක්ෂ‍ නායකවරයා වෙත දන්වා සිටියහ.

ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න හැකි ඉක්මනින් විසඳීම සඳහා ආණ්ඩුවේ ප්‍රමුඛතම අවධානය යොමු විය යුතු බව විපක්ෂ නායකවරයාගේ අදහස විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements