Advertisement

කොළඹ නගරය තුළ අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත් වන පවුල් සඳහා නවීන පහසුකම් සහිතව ස්‌ථිර නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ ඉදිකළ මාළිගාවත්ත “ලක්‌හිරු සෙවණ” මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීම පසුගියදා (12) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මහා නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇමතිවරයාගේ මෙහෙයවීම මත නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලැබූ මෙම නිවාස සංකීර්ණය රුපියල් මිලියන 1536 ක ආයෝජනයෙන් නිවාස ඒකක 384 ක් සමන්විත වේ.

මෙම නිවාස සංකීර්ණය මහල් 11 කින් සමන්විත වන අතර එක් නිවසක නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, සඳලුතලයක් සහ සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතය.

නිවැසියන්ගේ පහසුව සඳහා විදුලි සෝපාන, ප්‍රජාශාලා සහ අනෙකුත් අංගෝපාංගයන්ගෙන් සමන්විත අතර මෙහි පළමු අදියර යටතේ නිවාස ඒකක 192 ක් ජනතා අයිතියට පත් කර ඇත.

අග්‍රාමාත්‍යතුමා එම නිවාස සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.

“ලක්හිරු සෙවණ” නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සව සභාවෙන් අනතුරුව මහා නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇමතිවරයාට එම නිවාසලාභී ජනතාවගෙන් ලැබුනේ උණුසුම් ප්‍රතිචාරයක්,




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements