Advertisement

නමගිය අපාරාධ රැසකට සහ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රිලංකාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම සදහා සොයමින් සිටි පතාල කල්ලි නායක මාකධූරේ මධූෂ් පසුගියදා ඩුබායිහිදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා .

මේ වනවිට මදුෂ් සම්බන්ධයෙන් නොයෙකුත් ආකාරයේ පුවත් මැවමින් තිබෙනවා . මේ අතර මේ දිනවල කතා බහට ලක් වෙන්නේ මදුෂ් තම මියගිය පියාට පිං පතා ඉදි කරන ලද ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් .

කඹුරුපිටිය ප්‍රදේශයේ විසූ සමරසිංහ ආරච්චිලාගේ ලක්ෂ්මන් නැමැති මධූෂ්ගේ පියා පසුගිය වසරේ හදිසි අනතුරක් හේතුවෙන් මිය ගියා . ඔහුගේ අවමංගල්‍යට හෙලිකොප්ටරයක් ආධාරයෙන් ගුවනින් මල් දැමීමේ සිද්ධියද එකළ කතාබහට ලක්වූ සිදුවීමක් වූ අතර සිය පියාගේ අවසාන කටයුතු මධූෂ් ඩුබායිහි සිට වීඩියෝ තාක්ෂණයෙන් සජීවීව නරඹා ඇති බවද වාර්තා වුණා .

ඔහුගේ පියාගේ අභාවයට තුන්මසක් පිරීම නිමිත්තෙන් ගමේ පන්සල වන ශ්‍රී මණ්ඩළාරාම කිරින්ද පුහුල්වැල්ල විරාස්ථානයට කෝටි 6ක් වටිනා ගොඩනැගිල්ලක් සාදා පූජා කොට තිබෙන බව තොරතුරු වාර්තා වෙනවා



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements