Featured News

Video Gossip

Advertisement

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් කිරීමේ ජාවාරමක යෙදුණ සැකකරුවෙක් මනුෂ නානායක්කාර මහතා කළ පැමිණිල්ලකට අනුව ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල හපුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මනුෂ නානායක්කාර මහතා හරහා ජපානයේ රැකියා අවස්ථා ලබාදිය හැකි බවත් ඒ සදහා රුපියල් ලක්ෂ හතරක මුදලක් අවශ්‍ය කරන බවත් පවසමින් තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ගෙන් රුපියල් ලක්ෂ හතරක මුදලක් ඉල්ලූ පුද්ගලයෙක් පිළිබද මනුෂ නානායක්කාර මහතාට තොරතුරු ලැබී තිබුණි. මෙම පුද්ගලයා පිළිබද තොරතුරු සොයා බැලූ මනුෂ නානායක්කාර මහතා ඒ පිළිබද ගාල්ල පොලීසියට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ මහතාගේ උපදෙස් පරිදි පොලීසියේ උපායධූතයෙක් හරහා සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් සැලසුම් කෙරුණේ ඒ අනුවය.

එම මෙහෙයුම සාර්ථක වූ අතර සැකකරු රැකියාව ලබාගැනීමට අපේක්ෂිත පුද්ගලයා හමුවූ අවස්ථාවේදීම පොලිස් අත්අඩංගුවට පත් විය.

කිසිදු අවස්ථාවකදී විදේශ රැකියාවක් ලබාගැනීම සදහා තැරැව්කරුවන්ට මුදල් ලබාදීමට අවශ්‍ය නැතැයි මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

“රජය මගින් වැඩි ආදායම් ලබාගත හැකි විදේශ රැකියා අවස්ථාවන් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ජපානයේ නව රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා. ජපානයේ රැකියා අවස්ථාවන් ලබාදෙන්නේ නොමිලේ. ඒ සදහා කිසිදු අයෙක්ට මුදල් ලබාදිය යුතු නැහැ.

කිසියම් අයෙක් විදේශ රැකියා ලබාදීම සදහා මුදල් එකතු කිරීමේ ජාවාරමක යෙදෙනවානම් ඒ පිළිබද වහාම දැනුවත් කරන්න. ඔවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. කිසිම අවස්ථාවකදී මුදල්වලට රැකියා ලබාදීමේ ජාවාරම්වලට අපේ කිසිම සම්බන්ධයක් නෑ“ මේ පිළිබද අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරු සදුදා දිනයේදී ගාල්ල මහේස්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements