Featured News

Video Gossip

Advertisement

මත්ද්‍රව්‍ය වැරදිවලට අධිකරණයෙන් මරණීය දණ්ඩනය හිමිවූ දෙදෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ගැන ලබන සතියේ ජනාධිපතිවරයා විසින් අවසන් තීරණය ගනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

රජයේ උපදෙස් පරිදි බන්ධනාගාර බලධරයන් දැනටමත් එල්ලුම්ගහට අවශ්‍ය මෙවලම් සපයා එය අලුත්වැඩියා කර තිබේ. ඉදිරි දෙසතිය තුළ අලුගෝසුවන්ද බඳවා ගනු ඇතැයි පැවසේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සතියේද රජයේ ඊට අදාළ වගකිවයුත්තන් කැඳවා එල්ලුම් ගහ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.

බොහෝවිට අපරාධකරුවකු විෂයෙහි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඒ ගැන නිල ප්‍රකාශය නිකුත් කිරීමටද ඉඩ ඇති බවද වාර්තාවෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements