Advertisement

ලැම්බෝගිනි වෙන්න පුළුවන් ජනාධිපතිගේ පුතා වෙන්න පුළුවන් ඒකට යන්න වෙනම නීතියක් තියෙනවද..? පොලිසියෙන් සුපිරි පාඩමක්..!

කෑගල්ල දෙස බලා ගමන් කළ සුපිරි ලැම්බෝගිනි රථයක් කෑගල්ල පොලීසියේ රථ වාහන අංශය විසින් පරික්ෂා කර නීතිය ක්‍රියාත්මක කළ සිද්ධියක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා. මෙම ලැම්බෝගිනි රථය ධාවනය කර ඇත්තේ ලියාපදිංචි නොකර බවත් එයට භාවිතා කළ අංක තහඩු ගරාජ් අංක වන බවත් සානාථ කරගෙන තිබෙනවා.

යම් රථයක් ගරාජ් අංක යොදාගෙන මාර්ගයක ධාවනය කළ හැක්කේ වාරය සිට අදාළ රථය රැගෙන යන මුල් අවස්ථා‍වේ පමණක් බව ලංකාවේ මාර්ග නීති වල සඳහන් වෙනවා. එලෙස පවතිද්දී මෙම ලැම්බෝගිනි රථය ගරාජ් අංක තහඩු දර්ශනය කරමින් ගමන් කිරීම නිසා කෑගල්ල පොලීසිය විසින් නීතිය ක්‍රියාත්මක කර තිබුණා. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සහ ලැම්බෝගිනි රථය පැදවූ රියදුරු අතර මතගැටුමක් ඇතිව තිබුණා.

එම අවස්ථාවේදී කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරල මහතා මැදිහත්ව ඔහුට මාර්ග නීතිය පිළිබඳව හැදීන්වීමක් කර අදාළ ලැම්බෝගිනි රථයට නීතිය ක්‍රියාත්මක කර තිබුණා. එම අවස්ථාවේදී පොලිස් අධිකාරීවරයා පවසන්නේ ලැම්බෝගිනි වෙන්න පුළුවන් ජනාධිපතිගේ පුතා වෙන්න පුළුවන් ඒකට යන්න වෙනම නීතියක් තියෙනවද..? යනුවෙන්. පොලිසියට පැසසුම් එක්කරමින් මෙම සිදුවීම් අන්තර්ජාලය පුරාම දැන් හුවමාරු වෙමින් තිබීමද විශේෂත්වයක්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements