සිංහයින් යළි දිවයිනට පැමිණෙත්දී ඇමති ගිහින් පිළිගත් හැටි [ PHOTOS ]
Gallery
,
gossip lanaka
,
News
,
Photos
,
Sports
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 08 දෙනෙකු අද(25 )දින උදෑසන 8.00 ට දිවයිනට පැමිණ තිබේ.
දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 656 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.
ඔවුන් පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් මෙන්ම , එම ක්‍රීඩකයන්ගේ නෑදෑ හිතවතුන් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
එම ක්‍රීඩකයන් අතර කෞශාල් සිල්වා , මොහොමඩ් සිරාඩ් , මිලින්ද සිරිවර්ධන, හසිත ඇඹුල්දෙණිය , අකිල
ප්‍රනාන්දු , දිමුත් කරුණාරත්න , ළහිරු තිරිමාන්න සහ සුරංග ලක්මාල් සිටියහ.





