Advertisement

බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කරමින් පලාගිය ඩිෆෙන්ඩර් රථයෙහි, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා ද සිට ඇති බවත් ඔහුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් වාර්තාවේ.

අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ තලංගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි නවිඳු ඔමේෂ් රත්නායක නැමැත්තෙකු සහ රථයේ ලියාපදිංචි හිමිකරු වන 27 හැවිරිදි විසිත ශ්‍රී විජේසේකර නැමැත්තෙකු පොලීසියට භාරවී ඇත.



රථය සමඟම තවත් ප්‍රාඩෝ රථයක් ද අනතුර සිදුවන අවස්ථාවේ පැමිණ තිබූ අතර එහි රියදුරු ලෙස දුමින්ද සුධම්මික ආටිගල නම් අයෙක් සහ එම රථයේ ගමන් කළ කිරන් මැතිව් නම් අයෙක් ද පොලිසියට භාර වීමෙන් පසු අත් අඩංගුවට ගෙන ඇත. සුධම්මික ආටිගල යනු ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික ආටිගල මහතාගේ පුත්‍රයා වේ.

නමුත් අද උදෑසන අප ‌වෙත ලැබුනු ආරංචිමාර්ග වල සදහන් වූයේ  ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත සේවය කරන පොලිස් අධිකාරීවරයෙකුගේ පුතෙකු මෙහි සිට ඇති බවයි. නමුත් ඒ් පිළිබදව  ලැබෙන නවතම පුවත්වලට අනුව ඒ පිළිබදව කිසිදු සදහනක් ‌නොවීම විශේෂත්වයකි.

අනතුරින් බරපතල තුවාල ලද පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements