Featured News

Video Gossip

Advertisement

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පෙළ ගැසී ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ උවමනාවට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයාවීමේ සම්භාවිතාව රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා අවම බවත් ඒ අනුව රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තුව වී ඇත්තේ කෙසේ හෝ ජනාධිපතිවරණය නොපැවැත්වීමට බවත් විමල් වීරවංශ මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව සාකච්ඡා පැවැත්වීමත් සමඟ නැවත විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීමේ මාතෘකාව කරලියට පැමිණ ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම රටේ ජනතාවගේ ඉල්ලීම බවත් ඊට තමාද දැඩි කැමැත්තෙන් කටයුතු කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා පැවසීය.

නමුත් විමල් වීරවංශ මහතා පවසා සිටියේ විපක්ෂ බලවේගය සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අසනීපය සුව කිරීමට නොවන බවයි.

විමල් වීරවංශ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉඩ නොතබව බවයි.

පොහොට්ටුව නියෝජනය කරන විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ වැනි ත්‍රීවිල් පක්ෂ පොහොට්ටුව නැටවීමට උත්සාහ ගන්නා බවට පොහොට්ටුවේ බහුතර කණ්ඩායම්වලින් චෝදනා ද එල්ලවී ඇත. ඒ අතර මහින්ද රාජපක්ෂ මහතා, රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාව ඉටු කරන බවට මෙලෙස ප්‍රසිද්ධියේ චෝදනා කිරීම ඉදිරියේදී පොහොට්ටුවේ නිර්මාණය වන ගැටුම් පිළිබඳ අනාවැකි සපයයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements