Featured News

Video Gossip

Advertisement

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකු සම්බන්ධ තොරතුරු තමන් කථානායකවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද කොකේන් ආදී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතර සිටින බවයි ඇමැති රන්ජන් රාමනායක පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඔවුන්ගේ කාර්ය මණ්ඩල සඟයන් මෙන්ම මෙරට ඉහළ රැකියා කරන ඇතැමුන්ද එම මත්ද්‍රව්‍ය භාවිත කරන බව සඳහන් කරන ඇමැතිවරයා පරීක්ෂණවලට බාධාවක් නිසා තමන් එම නම් හෙළි නොකරන බව ද කියා සිටියේය.

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග 11ක් භාවිතා කරන්නේද යන්න පරීක්ෂා කිරීමේ රුධිර පරීක්ෂණයක් පෞද්ගලිකව කිරීමට වැයවන්නේ රුපියල් 4200ක් බවත් ඉතා ඉක්මණින් තමාගේ රුධිර පරීක්ෂවක් සිදුකර කතානායකවරයාට භාරදෙන බව 18 සඳුදා මාදිවෙල මන්ත්‍රී නිවාසයේ පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

තමා මෙන්ම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අවශ්‍යම සෙසු මන්ත්‍රීවරුන් ද සිටී නම් ඔවුන්ට ද රුධිර වාර්තාවක් ලබාදිය හැකි බව ද ඇමැතිවරයා පැවසීය.

මැති ඇමැතිලා ගැන ඉඟියක්

වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බව කියන, පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුනක් නියෝජනය කරන පක්ෂ නායකයෙක්ද කොකේන් භාවිත කරන කී ඇමැතිවරයා මීගමුව ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරයෙක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත බවට තොරතුරු ඇති බවට අනාවරණය කළේය.

මාතලේ, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්ක නියෝජනය කරන දේශපාලනඥයින් තිදෙනෙකු එතනෝල් ජාවාරමට සම්බන්ධ බවටත්, මත් පෙති වර්ග ගෙන්වන ඇමති පුතුන් සිටින බවට තොරතුරු සතු බව ද රන්ජන් රාමනායක ඇමැතිවරයා කියා සිටියේය.

කොකේන් මෙතරම් පැතිරීමට දේශපාලනඥයන්ගේ ඍජු සම්බන්ධයක් තිබිය යුතු බවට විශ්වාසය පළ කරන ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් කරන විමර්ෂණ වෙනුවෙන් මෙන්ම මත්ද්‍රව්‍ය පාලනය සඳහා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට තමන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements