Featured News

Video Gossip

Advertisement

බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පලා ගිය ඩිෆෙන්ඩර් රථය සොයා බම්බලපිටිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
අද (24) අලුයම 4.35ට පමණ කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඩුප්ලිබුලස් හංදියේදී කොල්ලුපිටිය දෙසට ධාවනය වූ ස්ථානාධිපතිවරයා ගමන් කළ යතුරුපැදිය ඩිෆෙන්ඩර් රථයක ගැටී ඇති අතර අනතුරෙන් පසු ඩිෆෙන්ඩර් රථය එම ස්ථානයෙන් පළාගොස් තිබින.
අනතුරෙන් යතුරුපැදියේ ගමන් කළ බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර යන අය බරපතළ තුවාල ලබා තිබේ.

විශේෂ රාජකාරී කටයුත්තක් සඳහා කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත යමින් සිටියදී එම නිලධාරියා මෙම අනතුරට ලක්ව ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

 බම්බලපිටිය ප්‍රදේශයේ දී  ස්ථානාධිපතිවරයාව ඩිෆෙන්ඩර් රථයේ හප්පා බරපතල තුවාල සිදුකර පලාගිය පුද්ගලයා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත සේවය කරන පොලිස් අධිකාරීවරයෙකුගේ පුතෙකු බව විිිිශ්වාසකටයු ආරංචිමාර්ග සදහන් කරයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පොලිසියේ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බම්බලපිටිය පොලිසිය අනතුර සිදු වූ අවට සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමේදී යතුරු පැදිය හා ඩිෆෙන්ඩර් රථය එකිනෙකට ගැටීමෙන් පසු එහි රියදුරු ලෙස සිටි පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා ඩිෆෙන්ඩර් රථයෙන් බැස බරපතල තුවාල ලබා සිටි පොලිස් ස්ථානාධිපතිවරයාගේ අසලට ගොස් පරීක්ෂා කර නැවත ඩිෆෙන්ඩර් රථයට නැග පිටව යන අයුරු සී.සී.ටී.වී දර්ශන වල සටහන්ව තිබූ බව එම ආරංචිමාර්ගවල වැඩිදුරටත් සදහන් කර ඇත..
අනතුර සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements