Featured News

Video Gossip

Advertisement

රූකාන්ත ගුණතිලකට පහරදී ඔහුගේ වාහනයටද අලාබහානි කළ බවට පළවූ වාර්තා සම්බන්ධ වැඩිදුර තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ. මෙම පහරදීම කර ඇත්තේ හිරු රූපවාහිනි නාළිකාවේ මේ දිනවල විකාශය වන 'හිරු ස්ටාර්' නමැති ගී තරු තේරීමේ තරගාවලියේ පෙරේදා (23දා) රාත්‍රි පැවැති තරගයෙන් ඉවත් වීමට සිදුවූ දිවුලපිටියෙන් පැමිණි තිවංක දිල්ෂාන් නමැති තරගකරුවෙකුගේ ආධාර කරුවන්ය.

මෙදින තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළේ ෂිහාන් මිහිරංග,නිරෝෂා විරාජිනීහා රූකාන්ත ගුණතිලක වන අතර එදින තරග කළ අමිල හමුවේ තිවංක පරාජයට පත්ව අවසාන 4 ට ඇතුළත්වීමේ අවස්ථාව අහිමි කරගෙන තිබුණි.

තිවංක පරාජයට පත්වන ගීතයට සිය අදහස් එක්කරද්දී රූකාන්ත ගුණතිලක පවසා තිබුනේ ‘ඔබේ ඔලුවෙ තිබුනෙ අමිල ලකුණු ගත්ත එක විතරයි. ගීතය කියද්දි වෙවුලුවා. හරියට කියන්න ඕනකමක් තිබුනෙත් නෑ‘ ආදී ලෙස විවේචනයකි. මෙම විවේචනයට ප්‍රතිචාර දක්වමින්ද තිවංක අදහස් පළ කර තිබුණි.

මෙම තරගය පවත්වන අවස්ථාවට තිවංකගේ දිවුල පිටියේ ආධාරකරුවන් විශාල පිරිසක්ද පැමිණි බව එම වැඩසටහන අතරතුර දර්ශන වලින් පෙන්නුම් කළ අතර පරාජයේ වේදනාවෙන් සිටි ඔවුන් තම කෝපය විනිසුරුවෙත එල්ල කර තිබුනේ තරගය අවසන්වූ පසු කාර් පාර්ක් එකේදීය.

ආධාරකරුවන් පිරිස රූකාන්ත ගුණතිලක මහතා ඔහුගේ මෝටර් රථයට

පැමිණි අවස්ථාවේ තිවංකගේ ඉවත් කිරීමට රූකාන්තගේ විනිශ්චය බලපෑ බව පවසමින් ඊට විරෝධය පා ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව රැස්ව සිටි 200ක පමණ පිරිස 'හූ' හඬ තබමින් රූකාන්තට විරෝධය පළ කොට පහරදීමක් සිදු කර තිබේ.

තමාට හා තම මෝටර් රථයට පහරදීමක් සිදු කළ බව පවසමින් රූකාන්ත මත්තේගොඩ පොලිසියට පැමිණිල්ලක් කර .තිබුනේ ඉන් පසුය. බොරලැස්ගමුව රත්තනපිටිය අංක 97 දරන ස්ථානයේ පෙරේදා (23දා) රාත්‍රි රාත්‍රි 9.45ට පමණ මෙම පහරදීම සිදුකර ඇතැයි සටහන් කර ඇත.

පහර කෑමෙන් රූකාන්ත ගුණතිලක මහතාගේ සිරුරේ ස්ථාන කිහිපයක තැළීම් දක්නට ලැබුණු බවද පොලිසිය පවසයි. සිදුවීම පිළිබඳ පරීක්ෂණ අරඹා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements