Featured News

Video Gossip

Advertisement

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර නිළ සාකච්ඡා අද(18) පැවැත්වීමට නියමිතයි.

මෙරටට ලබා දීමට නියමිත ණය වාරික සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් පසුගිය දා දිවයිනට පැමිණ තිබුණි.

මැනුවෙලා ගොරෙට්ටි මහත්මිය මෙම කණ්ඩායමේ ප්‍රධානත්වය දරණ අතර ඔවුන් අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍යවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය.

මෙම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපතිවරයා මෙන්ම මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්වනු ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මඟින් මේ වනවිට මෙරටට ලබා දීමට නියමිත ණය මුදලේ වාරික 4ක් ලබා දී ඇති අතර 5 වන වාරිකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ලබා දීමට සැලසුම් කර තිබුණි.

කෙසේ වෙතත් එවකට පැවති දේශපාලන අර්බුධය හේතුවෙන් එය ගෙවීම තාවකාලිකව නතර කළ අතර අනතුරුව මුදල් අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක් ජනවාරී මාසයේදී මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම නියෝජිත කණ්ඩාවම දිවයිනට පැමිණ සිටින අතර ඔවුන් මෙරට ආර්ථික කටයුතු පිළිබඳ වැඩි අවදානයක් යොමු කිරීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements