Featured News

Video Gossip

Advertisement

වංචනික ලෙස හා නිශ්චිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව සිදුකෙරුණු ටෙන්ඩර් ගනුදෙනුවක් හේතුවෙන් රටට විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඊයේ (17) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේ විදුලිබල අමාත්‍යාංශය යටතේ මේ අලාභය සිදු වී ඇති බවයි.


කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් ලබාදීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව වහාම අත්හිටුවන ලෙසට ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ එම ටෙන්ඩරය ඇතුළුව තවත් විනිවිදභාවයකින් තොරව ලබාදී ඇති ටෙන්ඩර් පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ඉදිරි සතිය තුළ ලිපියක් ලබාදීමට සූදානම් බවයි.

පසුගිය සතියේ රවී කරුණානායක අමාත්‍යවරයා කෙරවළපිටිය LNG නිෂ්පාදනාගාරය ඉදිකිරීම සඳහා ටෙන්ඩරය ප්‍රධානය කිරීමට කැබිනට් පත්‍රිකාවක් සඳහා අනුමැතිය ලබා ගත් බවත් මන්ත්‍රීවරයා පවසයි.

ලක්ධනවි ස්වජාතික සමාගමක් අඩුමිලට ටෙන්ඩරය ඉදිරිපත් කර තිබියදී එය චීන සමාගමකවට ලබා දීම සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොණු කොට තිබියදී සහ ශේෂ්ඨාධිකරණයේ එම නඩුව පෙබරවාරි 28 වෙනිදාට විභාග කිරීමට නියමිතව තිබියදී ඒ සියලු නඩු ඉල්ලා අස් කර ගනිමින් රටට රුපියල් බිලියන 90ක පමණ අලාභයක් වෙන ආකාරයට මෙම ටෙන්ඩරය ලබා දී තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසූවේ හදිසියේ මෙම නඩුව ඉල්ලා අස් කර ගත් ආකාරයේ පැහැදිලිතාවයක් නොමැති බවයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements