Featured News

Video Gossip

Advertisement

දකුණු පළාත් සභාව නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරයෙක්ට එරෙහිම ළමා ලිංගික අපචාර චෝදනාවක් අක්මීමන පොලිස් ස්ථානයට ලැබී ඇති අතර ඒ පිළිබද අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මෙසේ ළමා අපචාර චෝදනාවක් එල්ලවී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාට එරෙහිවය.

ගාල්ල අක්මීමන අන්නාසිකන්ද ප්‍රදේශයේ දාහතර හැවිරිදි දැරිවියකට අපචාර කර ඇති බවට අක්මීමන පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ අගහරුවාදා රාත්‍රියේය. මේ සම්බන්ධයෙන් අදාල දැරිවිය පොලිස් භාරයට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ලිංගික අපයෝජනයන්ට ලක්ව ඇති බව අනාවරණය වී තිබෙන බවත් ඒ අනුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බවත් පොලිස් ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අනාවරණය වන ආකාරයට සිද්ධිය සිදුව ඇත්තේ මෙසේය. අවුරුදු දාහතරක් වයසැති දැරියකට යක්ෂ බැල්මක් ඇති බව කියමින් ශාන්තිකර්මයක් කිරීමට ශාන්තිකර්ම කටයුතුවලට සම්බන්ධ මෙම මන්ත්‍රීවරයා පැමිණ ඇත. එම ශාන්තිකර්මය සිදුකරන අවස්ථාවේදී දැරියට ලිංගික අතවර සිදුකර තිබේ. මේ පිළිබද දෙමාපියන්ට කරුණු වැටහීමෙන් පසුව දැරිය සමග පැමිණ පොලීසියේ පැමිණිල්ලක් ගොනු කර ඇත. 


මේ සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර මේ වන තෙක් පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන නොමැති බවද පොලිස් ආරංචිමාර්ග අනාවරණය කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements