ගංජා මිලිග්‍රෑම් 1730ක් ළඟ තබාගෙන සිටි හලාවත නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු ඊයේ (27 ) පස්වරුවේ හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හලාවත වැල්ල කොට්ධාශය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වේ.
හලාවත වැල්ල ප්‍රදේශයේ ගංජා හා වෙනත් මත්ද්‍රව්‍ය බහුලව තිබෙන බවට පසුගිය කාලයේ හලාවත පොලිසියට ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති අතර ඒ අනුව සෝදිසි මෙහෙයුම් දියත් කර තිබී ඇත.
අදාළ නාගරික මන්ත්‍රීවරයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටින අතරතුරදී පොලිසිය සිදු කළ සෝදිසියකදී ඔහු සන්තකයේ මෙලෙම ගංජා තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙන අතර පසුව එම මන්ත්‍රීවරයා සහ ඔහු ගමන් ගත් යතුරුපැදියද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර හලාවත මුලස්ථාන පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරණ බවද වාර්තා වේ.

